රටේ දැවැන්තම සංවිධානාත්මක අපරාධකරුවන්වන, කංජිපානි ඉම්රාන්, පොඩි ලැසී, දෙමටගොඩ චමින්ද, සහ ඕලුමරා රඳවා සිටින බූස්ස අධිආරක්ෂිත විශේෂ බන්ධනාගරයේ ඔවුන්ගේ සිර මැදිරිතුළ තිබී ජංගම දුරකථන 04ක්, චාජර් 01ක්, ඩේටා කේබල් 04ක්, සිම්පත් 03ක්, සහ ඇඩැප්ටරයක් සොයා ගැනීමට පසුගිය විශේෂ කාර්ය බලකාය විසින් කළ සෝදිසි මෙහෙයුමක දි හැකි වී තිබේ.
පෙරේදා (08) සවස මෙහෙයුමේ දී බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ ඒ කොටසේ සිරමැදිරි 46ක් පමණ පරීක්ෂාවට ලක්කර තිබිණි.
මෙම දුරකථන සහ උපාංග හමුවී තිබුණේ බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ප්රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවන්වන කංජිපානි ඉම්රාන්, ශානුක මධුෂාන් හෙවත් ඕලුමරා, චමින්ද රවි ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී, යන අය ලඟ තිබියදි වීම විශේෂය.
කංජිපානි ඉම්රාන් රඳවා සිටින අංක 06 සිර මැදිරිය තුළ නොකියා වර්ගයේ කුඩා ප්රමාණයේ ජංගම දුරකථනයක් සහ සිම්පත් දෙකක්, චාජරයක්, ඇඩැප්ටරයක් සොයාගෙන තිබේ. එහි ජංගම දුරකථනයේ ඉමි අංකය මකා දමා ඇත.
අංක 11 සිර මැදිරියේ රඳවා සිටින ජනිත් මධුසංඛ හෙවත් ඕලුමරා සන්තකයේ තිබී නොකියා වර්ගයේ කුඩා ප්රමාණයේ ජංගම දුරකථනයක්, ඩේටා කේබල් එකක් හමුවී ඇත. දුරකථනයේ සිම්පත තිබී නැත.
අංක 38 සිර මැදිරියේ රඳවා සිටින චමින්ද රවි ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද ලඟ තිබී නොකියා වර්ගයේ කුඩා දුරකථනයක්, ඩේටා කේබල් එකක්, සොයාගෙන තිබේ. එම දුරකථනයේ සිම්පත තිබී නැත.
ජනිත් මධුසංක හෙවත් පොඩිලැසී රඳවා සිටි 46 සිර මැදිරිය තුළ තිබි හුවාවී වර්ගයේ ස්මාර්ට් දුරකථනයක් සොයාගෙන ඇත. එහි සිම්පත තිබී ඇත. ඩේටා කේබල් දෙකක්, කළු පැහැති ඉයර් ෆෝන් එකක් හමුවී තිබේ.
මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන පැවැත්වේ.







