කොළඹ වායු දූෂණ තත්ත්වය යළිත් වරක් නරක අතට හැරෙමින් පවතින බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණායතනය නිවේදනය කරයි.
වායු තත්ත්ව දර්ශකයේ 67 ලෙස අද උදෑසන 11-12 අතර එම අගය දක්වා ඇත. වැඩිම වායු දූෂණය බදුල්ලෙන් වාර්තා වී තිබිණි. එය මැජෙන්ටා තත්ත්වයේ අනතුරු ඇඟවීමකි. කෙසේ වෙතත් යාපනයේ වායු ගෝලීය තත්ත්වය ඉතා යහපත් අතට මේ වනවිට හැරී තිබේ.
මෙම කාලසීමාව තුළ ඇමරිකා එක්සත් ජනපද කාර්යාලය මගින් පවත්වාගෙන යන වෙබ් අඩවියේ දැක්වූයේ කොළඹ වායු තත්ත්ව දර්ශකය 160ක අගයක් ගන්නා බවය. එය සෞඛ්‍ය අනාරක්ෂිත බව ද ඇමරිකානු තානාපති කාර්යාලය දක්වා ඇත.










