ශ්‍රියානි විජේසිංහ –
සුනඛ ගැහැණු සතුන් වන්ධ්‍යාකරණය සදහා ලබාදීමට තීරණය කර ඇති Depo-Provera එන්නත දැඩි සංකූලතාවන් ඇතිකරන්නක් බැවින් එම එන්නත තම නිවසේ සිටින සුනඛ ගැහැණු සතුන්ට ලබා දීමෙන් වලකින්නැයි පශු වෛදයවරුන්ගේ සංගමය නිවෙස් හිමියන්ගෙන් ඉල්ලා සිටියි.
මෙම එන්නත ලබා දීමෙන් ගැහැණු සතුන්ගේ ගර්භාෂය තුළ තුවාල හටගැනීම, සැරව ගැලීම , තනපුඩු වනවීම වැනි විවිධ සංකූලතාවන් රැසක්ම පැන නැගී වේදනා විද මරණය පත්වෙන බව සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසීලී සඳහන් කරයි.
සුනඛයින්ගේ වන්ධ්‍යාකරන වැඩසටහන සහ ජලභීතිකා මර්දන එන්නත් ලබා දීමට සදහා ප්‍රමාණවත් තරම් මුදල් නොමැති වීමෙන් ගැහැණු සතුන්ට මෙම එන්නත ලබා දීමට තීරණය කර ඇති බව හෙතෙම පැවසීය.
කෙසේ නමුත් සුනඛ ගහනය මර්ධනය කිරිම සදහා මෙවැනි තීන්දු තීරණයක් ගැනීම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයත් යැයිද වෛද්‍ය පියසීරි අවධාරණය කරයි.







