ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පසුගිය කාල සීමාව තුළ සිදු කොට ඇති මූල්‍ය අක්‍රමිකතා රැසක් එහි මූල්‍ය අංශය මගින් මේ වන විට සොයා ගැනීමට නව පාලකයන්ට හැකිව ඇතැයි ලංකාසරට වාර්තා වේ.
බොහෝ මුදල් ගනුදෙනු විගණනයට ලක් කොට නොමැති බවත් වියදම් බොහොමයක් කර ඇත්තේ විධායක සභාවේ අනුමැතියකින් තොරව බවත් සොයා ගෙන තිබේ.
මේ අතර පසුගිය ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මිළදී ගත් තරග ප්‍රවේශ පත්‍ර බෙදා දී ඇති ආකාරයද ගැටලු සහගත බවත් ඒවා ලබා ගත් අය අතර ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකු හා මාධ්‍යවේදීන් දෙපළක්ද සිටින බවත් අනාවරණය වී තිබේ.
ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පත් කර ඇති ක්‍රීඩාවේ වංචා දූෂණ සොයා බැලීමේ පොලිස් කමිටුව මගින් මේ වන විට මේ පිළිබඳ විමර්ශනයක්ද අරඹා ඇත.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මේ වන විට ජාත්‍යන්තර පාපන්දු සංගමය ( FIFA ) මගින් තාවකාලික තහනමකට ලක් කර තිබෙන අතර තහනම ඉවත් කෙරෙන තෙක් කිසිදු ජාත්‍යන්තර තරගාවලියකට සහභාගි වීමත් ෆීෆා මගින් පිරිනැමෙන අරමුදල් ලබා දීමත් අත් හිටුවා තිබේ.
එහෙත් නිලවරණයෙන් තේරී පත් වූ නිලධාරි මණ්ඩලයට මෙරට තුළ පාපන්දු පරිපාලන කටයුතු කිරීමට එම තහනම මගින් බාධාවක් වී නොමැත.







