ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන වාර්තාව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සමාලෝචන ක්‍රියාකාරි කණ්ඩායම විසින් පෙබරවාරි 01 දා පරීක්ෂා කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙම සමාලෝචනවලදී සියලුම එක්සත් ජාතීන්ගේ සාමාජක රටවල මානව හිමිකම් වාර්තා පරීක්ෂා කිරීම සිදු කරනු ලබයි.
ඒ ඒ රටවලට මානව හිමිකම් තත්ත්වය වැඩිදියුණු කිරීමට සහ මානව හිමිකම් බැඳීම් ඉටු කිරීමට තමන් ගෙන ඇති ක්‍රියා මාර්ග පැහැදිලි කිරීමට ද මෙහිදී අවස්ථාව හිමිවනු ඇත
මින් පෙර වර්ෂ 2008, 2012 සහ 2017 වසරවලදී මෙවැනි සමාලෝචන සිදු කෙරිනි.