සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෞද්ගලික අංශයේ විශ්‍රාම ගැන්වීමේ වයස 60 අද සිට නීතියක් වෙයි… නීතිය ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි!

by editor
නොවැම්බර් 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමේ පනත් කෙටුම්පතට කතානායකවරයා අද පාර්ලිමේන්තුවේ දී අත්සන් තැබීමත් සමග එය රටේ නීතියක් ලෙස සම්මත වුනේය.

මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත වුණේ පසුගිය 11 වැනිදා  බ්‍රහස්පතින්දාය.

මෙම පනත නීතියක් ලෙස බලාත්මකවන අද දින සිට පුද්ගලික අංහයේ සේවක සේවිකාවන්ට  තමන් රාජකාරි කළ සේවා අයතනයේ තමන්ගේ වයස අවුරුදු 60ක් වන තෙක් රාජකාරී කිරීමට හිමිකම ලැබේ.

නමුත් මෙය මුලින්ම ක්‍රියාත්මක කිරීමේදී යම් අදියර කිහිපයක් යටතේය.  එය සිදු කිරීමට  අවශ්‍ය  ප්‍රතිපාදන නෛතික රාමුව තුළම තිබේ. ඒ අනුව මේ වන විට වයස අවුරුදු 55 ක සිටින සේවකයෙකුට   අවුරුදු 57 දක්වා සේවය කිරීමට අවස්ථාව  සැලසේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වනවිට වයස අවුරුදු 53ත් 54ත් අතර පසුවන අයකුට වයස අවුරුදු 58ක් දක්වා සේවය කිරීමට අවස්ථාව ලබා දී තිබේ. දැනට වයස අවුරුදු 52ක සිටින අයට අවුරුදු 59ක් දක්වා සේවය කළ හැකිය. එසේම  52ට අඩුවෙන් සිටින සෑම කෙනකුටම වයස අවුරුදු 60ක් දක්වා සේවය කළ හැකි වේ.

සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධව ගැටලුවක් මේ තත්වය තුළ ඇතිවන්නේ නැත. අර්ථ සාධක අරමුදල ලබා ගැනීම සඳහා  පුද්ගලයෙක් අදාළ ආයතන සේ‍වයෙන් විශ්‍රාම යා යුතුය.

කැමති පුද්ගලයෙකුට වයස අවුරුදු 55 -60 අතර    වයසකදී සේවයෙන්  විශ්‍රාම ගොස් අර්ථසාධක අරමුදල ලබා ගත හැකිය.

යමකුට අවුරුදු 55න් මේ මුදල ලබා ගත යුතු නම් කළ යුත්තේ සේවයෙන් විශ්‍රාම යෑමය.

නමුත් සේවා යෝජකයා කොන්ත්‍රාත් පදනම මත රැකියාව යළි පිරිනැමීමට කැමති නම් ඔහුට හෝ ඇයට වයස අවුරුදු 60 වන තෙක් සේවය කළ හැකිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ කඩු මැරයන් 06ක් අත්අඩංගුවට…

Next Post

අසරණ පිළිකා රෝගීන්ට දෙන ආහාර වේලත් හොරා කන අපේක්ෂා රෝහලේ මළ පෙරේත කාලකණ්ණි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.