බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අසරණ පිළිකා රෝගීන්ට දෙන ආහාර වේලත් හොරා කන අපේක්ෂා රෝහලේ මළ පෙරේත කාලකණ්ණි!

by editor
නොවැම්බර් 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • රෝහලේ රෝගීන් ගණන 590යි … ඉන්න බව පෙන්වන ගණන 1100යි… බොරුව පරිත්‍යාගශීලීන්ගේ අතටම හසුවෙයි…

  • වියළි සලාක සේවකයන්ගේ ගෙවල්වලට… වැඩි දේවල් අහළ පහළ කඩවලට…

  • හොරෙන් ගෙදර අරන් ගිය හාල් මල්ලක් ඇම්බියුලන්ස් එකක ආපහු ඇවිත්…

  • හොරකම්වලට විරුද්ධ වුණ නියෝජ්‍ය අධ්‍යක්ෂකට වටිනා දෙළුම් යුෂ බෝතලයක අල්ලසක්…

මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අසරණ පිළිකා  රෝගීන් සඳහා ලබා දෙන ආහාර පාන එහි පාලන අධිකාරිය විසින්  විශාල වශයෙන් කොල්ල කෑමකට ලක්කරනු ලබන  බව ඩේලි මිරර් පුවත් පත කරුණු කාරණා සහිත විමර්ශනාත්මක වාර්තාවකින් පෙන්වා දෙයි.

මේ තත්ත්වය හේතුවෙන් අසරණ පිළිකා රෝගීන්ට පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන ආහාර අහිමි වීම පමණක් නොව නිසි පෝෂණීය අවශ්‍යතා  පිරිමැසෙන ආහාර වේලක් ලබා ගැනීමේ අයිතියද   අහිමි වී ඇති  බව වාර්තා වෙයි.

විවිධ දානපතියන් විසින් රෝගීන්ගේ පරිහරණය සඳහා ලබා දෙන මිල අධික ආහාර පාන ඇතුළු බොහෝමයක් ඔවුන් තම නිවෙස්වලට රැගෙන යන බවත් ඇතැම් ද්‍රව්‍ය අහළ පහළ වෙළෙඳසැල්වලට විකුණන බවටත් එම වාර්තාවෙන් අවධාරණය කරයි.

මේ සම්බන්ධව විමර්ශනාත්මක විශේෂාංගයක් ඉදිරිපත් කරන ඩේලි මිරර් පුවත්පතේ නිර්මලා කන්නන්ගර මාධ්‍යවේදිනිය   එහි සඳහන් කර ඇති ආකාරයට  මෙම රෝලේ වැඩ බලන පරිපාලන නිලධාරිනිය ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මෙම මහා පරිමාණ ජාවාරම සිදු කරන බව අනාවරණය වී ඇත.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ඔවුන් රෝහලේ නේවාසිකව සිටින රෝගීන් ගණන මෙන් දෙගුණයක ප්‍රමාණ සඳහන් කරමින් ආහාර දුව්‍ය ලබා ගැනීමට කටයුතු කරන අතර් සෞඛ්‍ය අමාත්‍යංශයෙන්ද අදාළ දිනවලට ලබා ගන්නා ආහාර වියළි සලාක ද වංචනික ලෙස පරිහරණය කරන බව හෙළි වී තිබේ. මේ වංචා සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර ගත් දානපතියන් මේ පිළිබඳව සිය දැඩි අප්‍රසාදය පළ කර ඇත.

ඩේලි මිරර් වාර්තාවට අදහස් පළ කර ඇති මහරගම පුශෙයේ කීර්තිමත් ව්‍යාපාරිකයකු පවසා ඇත්තේ මෙසේය.

“ මගේ අම්මා මීට අවුරුදු 15කට පෙර මිය ගියේ පිළිකාවකින්. ඇය වෙනුවෙන් ඇගේ උපන් දිනයට, මිය ගිය දිනයට ඇයට පින් පතා අපි අපේක්ෂා රෝහලට දාන මාන දෙනවා. මම මේ සඳහා දිනක් රෝහල් පරිපාලනයෙන් විමසුවා. ඔවුන් රෝගීන් 1100කට අවශ්‍ය භාණ්ඩ ලයිස්තුවක් ලබා දුන්නා.   ඔවුන්ට දිවා ආහාරය සඳහා තලපත් මාලු කිලො ග්‍රෑම් 85ක් අවශ්‍ය බව කිව්වා. මම මේ මාලු ඇතුළු සියලුම අවශ්‍ය දේවල් දුන්නා. මේවා රෝහල් මුළුතැන්ගෙයි පිසින ආකාරය අපට බලන්න පුළුවන්දැයි විමසුවාම රෝහල් පරිපාලන නිලධාරිනිය අපට කිවේවේ සෞඛ්‍යාරක්ෂක හේතු නිසා ඒක බලන්න දෙනන් බැහැ, පවුලේ කිහිප දෙනකුට ආහාර දෙන අවස්ථාවෙදී රොගීන් කිහිප දෙනකුට ආහාර පිරිනැමීමෙ අවස්ථාවක් නම් දෙන්නම් කියල. “

“අපේ පවුලේ කාටවත් මේ අවස්ථාවට සහභාගී වෙන්න බැරි වුණා. නමුත් මට මේ ආහාර  පිරිනමන අවස්ථාවේ ඡායාරූප ගන්න  හැකියාවක් ලැබුණා. ඒවා දැක්ක  මා කම්පනයට පත් වුණේ කෑම එකේ තිබුණු ඉතා කුඩා මාලු කෑල්ල දැක්කම. විශාල මුදලක්  වියදම් කරල මම දුන්නු මාලුවලින් 1100කට ලොකු මාලු කෑල්ලක් දෙන්න හොඳටම ප්‍රමාණවත්. ඒත් එදින රෝගීන් ඉඳල තියෙන්නේ ඇත්ත ප්‍රමාණය 590යි. 1100කට ප්‍රමාණවත් තරම් දීලත් රෝගීන් 590කට ලොකු මාලු කැබැල්ලක් කෑම එකට දෙන්න බැරිවුණේ ඇයි කියල මට ලොකු කම්පනයක් ඇති වුණා. “ ඔහු මාධ්‍යෙව්දිනිය සමඟ පවසා ඇත.

මේ ගැන ඩේලි මිරර් පුවත් පත අපේක්ෂා  රෝහලේ වැඩ බලන පරිපාලන නිලෙධාරිනි සකුන්තලා වික්‍රමසිංහගෙන්  විමසා ඇත. එහිදී ඇය පවසා ඇත්තේ රෝහලේ රෝගීන් ගණන 590ක් වුණත් සුළු කාර්ය මණ්ඩලයටද ආහාර ලබා දෙන බවය. රෝහල් පරිපාලන චක්‍රලේඛ අනුව සුළු කාර්ය මණ්ඩලවලටද ආහාර ලබාදිය යුතු බැවින් ඔවුන්ද ඇතුළත් කොට මෙ ගණන් හිලව් පවසන බව ඇය සඳහන් කර ඇත.

දානපතියන් ලබා දෙන්නේ රෝගීන්ට සඳහා පමණක් ආහාර වුවද රෝහලේ මුලුතැන්ගෙයට එක වේලක් සඳහා 400ක් පමණ වන සුළු කාර්ය මණ්ඩලයට වෙනම ආහාර පිසීම ගැටලුවක් බැවින් එකවරම ආහාර පිසින බව ඇය පවසා ඇත.

මෙම රෝහලේ රෝගීන්ට ආහාර පිරිනැමීට විමසීම් කරන ඕනෑම දානපතියකුට ලැබෙන දෛනික රෝගීන් සංඛ්‍යාව 1100කි. රෝගීන් කීයක් සිටියද මෙම අගය ඔවුන් පොදුවේ ලබා දෙන්නේ රෝහල් සුළු කාර්ය මණ්ඩලයටද සෑහීමට බව සකුන්තලා නෝනා සඳහන් කර ඇත.

කෙසේ වුවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ සුළු කාර්ය මණ්ඩලයට සහ රෝගීන්ට ප්‍රමාණවත් දෛනික වියළි සලාක අවශ්‍යතාව සෞඛ්‍ය අමාත්‍යංශයෙන්ද අඛණ්ඩ ව ලබා ගන්නා බවය.

“බොහෝ දිනවලට පරිත්‍යාගශීලීන්ගෙන් උදේ, දිවා ආහාරවේල් ලැබෙනවා. නොලැබෙන දවස්වලට රජයෙන් ලබා දෙන වියලි සලාකවලින් ආහාර පිසිනවා. ඒත් දාන පිරිනැමෙන දිනවලට අදාලව රජයේ වියළි ආහාර ලබා නොගැනීමක් සිදුවන්නේ නෑ. ඒවා ලබාගෙන ඊට සම්බන්ධ සේවකයන් ඒවා හොර පාරෙන් නිවෙස්වලටත් ගෙනයනවා.“

ඒ බව මේ මෑතකදී රෝහල් කාර්ය මණ්ඩලයට අතටම අසුවූ අවස්ථවාක්ද මෙම වාර්තාවේ සඳහන් වී ඇත.

“පරිපාලන අංශයේ කාර්ය මණ්ඩල සමාජිකාවක් නීති විරෝධී අකාරයෙන් රෝහලේ වාහන අපහරණය කරනවා. රාජකාරී අවසන් වී ගෙදරට යන ඇය වාහනයෙන් බහින අවස්ථාවේ ඇය රෝහලින් පටවා ගත් සහල් මල්ලක් අමතක වීමෙන් මඟ හැරී එම සහල් මල්ල පිටින්ම වාහනය රෝහලට ඇවිත්.“

මේ පිළිබඳව සිදු කෙරුණු විමර්ශනයකදී  තවත් පරිත්‍යාගශීලීන් ගණනාවක් ම තමන් නිරීක්ෂණය කළ මෙතෙක් නිහඬව එය විඳ රාගගෙන සිටි අත්දැකීම්  හෙළිදරව් කර ඇත.

මෙසේ අදහස් දක්වා ඇති තවත් පරිත්‍යාගශීලී කාන්තාවක් සඳහන් කරන්නේ රොගීන් සඳහා සව් ලබා දීමට ඇය රෝහල සව් කිලෝ ග්‍රෑම් 12ක් සමඟ සමඟ කජු කිලෝ ග්‍රෑම් එකක්, වියළි මිදි කිලෝ ග්‍රෑම් එකක් මෙන්ම  පොල් ගෙඩි 40ක් ප්‍රමාණයක්ද ලබා දුන් බවය. ඇය රෝහල් මුළුතැන්ගෙයි සකස් කළ සව්, රෝගීන්ට පිරිනැමීමට ගිය අවස්ථාවේදී සැකසූ ආහාරවල එක කජු කැබැල්ලක් හෝ වියළ මිදි කැබැල්ලක් හො දැක ගත නොහැකි වීමෙන් කණස්සල්ලට  පත් වූ බව සඳහන් කර ඇත.  ඇය තම සැමියාට මේ පිළිබඳව රෝහල් අධ්‍යක්ෂවරයාට පැමිණිලි කරන ලෙස ඉල්ලා සිටියද සැමියා එම ඉල්ලීම ක්‍රියාත්මක නොකළ බව ඇය පවසයි.

ඇතැම් විදේශ ගත පරිත්‍යාගශීලීන් මෙම රොහලේ ප්‍රතිකාර ලබන දරුවන් ඇතුළු රෝගීන්ට වටිනා ආහාර ද්‍රව්‍ය ලබා දෙන අතර ඒවාටද හොර රහසේ තට්ටු කරන බව සඳහන් වන අතර මේ අකටයුතුකම් සම්බන්ධයෙන් වැඩ බලන පරිපාලන නිලධාරිනියට දැඩි චෝනා එල්ල කරමින් නිරන්තරයෙන් මේවාට විරුද්ධ වන  රොහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට ඉතා වටිනා දෙළුම් යුෂ බෝතලයක් සමග තවත්  වටිනා පාර්සලයක සන්තෝසම් ලෙස ලබා දී ඔහු නිහඬ කිරීමට වැඩ බලන පරිපාලන නිලධාරිනිය උත්සාහ කර ඇති බවට නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාම  චෝදනා කරයි.

මේ පිළිබඳව අපෙක්ෂා රෝහලේ නියෝජ්‍ය  අධ්‍යක්ෂ වෛද්‍ය ලලිත් පොද්දල්ගොඩ සඳහන් කර ඇත්තේ මෙසේය.

“ විවිධ පරිත්‍යාගශීලීන් රෝගීන්ට ලබා දෙන මෙම ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුවන අකටයුතුකම් පිළිබඳව මම චෝදනා කරන්නේ රෝහලේ පරිපාලන නිලධාරිනියට. මෙම පරිත්‍යාගශිලීන් පිරිසිදු සිතින් තමන් මහන්සියෙන් උපයා ගත් ධනය වියදම් කර මේ ආහාර පාන පිරිනමන්නේ අපේක්ෂා රෝහලේ ජීවිතය සමග සටනක සිටින රොගීන් වෙනුවෙන්. විශේෂයෙන් කුඩා දරුවන් වෙනුවෙන්. එහෙම නැතිව රොහලේ කාර්ය මණ්ඩලයට කන්න දෙන්න නෙවෙයි.  එය කෙතරම් වැරදිද?“

“මම මේ ගැන වරක පරිපාන නිලධාරිනියට පැහැදිලි කළා. මෙය වැරදි වැඩක් කියල. ඊට පස්සේ ඇය රෝහලේ සුළු සේවිකාවක් අත මට එවනවා උසස් වර්ගයේ දෙළුම් යුෂ බෝතලයක් සහ පැක් එකක්. මම හිතන්නේ මේ පැක් එකේ කිබුනේ බිස්කට් කියල. මට දැඩි ආවේගයක් ආවා. මම වහාම ඒවා භාර ගැනීම ප්‍රතික්ෂේප කර  ඇයට යවන්න කිව්වා. ඒ සේවිකාව එය ආපහු ගෙන ගියේ නෑ.  මම මේ ඒවා ඒ වෙලාවේ මගේ කාර්යාලය පිරිසිදු කරමින් සිටි සනීපාරක්ෂක සේවිකාවකට ඒවා දුන්නා. මේ වංචනික ක්‍රියාව ඉක්මනින්ම රෝහලෙන්  තුරන් කළ යුතුයි“

මීට අමතරව රෝහලේ ගිලන් රථ සම්බන්ධයෙන් දැඩි ඉල්ලුමක් පවතිද්දී මෙම කාන්තාව නීති විරෝධී ලෙස ගිලන් රථ අවභාවිත කර ඇති බවටද   එක් ගිලන් රථයක ධාවන වාර්තාව සමගින්  මෙම පුවත්පත් වාර්තාව ඉදිරිපත් කර ඇත.

කෙසේ වුවද දැනට රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා මෙම අකටයුතුකම් සම්බන්ධයෙන් වන චෝදනා පිලිගැනීමට සූදානමක් ඇති බවක් පෙනෙන්නේ නැත. වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර පවසා ඇත්තේ පරිපාලන නිලධාරිනිය ඉතා හොඳින් තමන් සමඟ රෝහලේ කළමනාකරණය ගෙන යන බවකි.

තමන් මේ චෝදනා පිළිබඳව ඇසූ පළමු අවස්ථා මෙය බවත් මේ පිළිඳව සොයා බලන බවත් එහිදී සඳහන් කර ඇත.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පෞද්ගලික අංශයේ විශ්‍රාම ගැන්වීමේ වයස 60 අද සිට නීතියක් වෙයි… නීතිය ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි!

Next Post

පොලිස් සිරමැදිරියේ මිය ගිය පුද්ගලයෙක් නිසා පනාමුරය උණුසුම් වෙයි….

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.