දිනසේන රතුගමගේ –
යාපනයේ අරසඩි ප්‍රදේශයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම හා කඩු වලින් කපා හතර දෙනෙකුට තුවාල සිදු කිරීම යන සිද්ධීන් වලට අදාලව සැකකරුවන් හය දෙනෙකු යාපනය පොලීසිය විසින් ඊයේ ( 16 ) අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් හයදෙනා යතුරු පැදි වලින් ගොස් මෙම අපරාධ සිදු කොට ඇති බව යාපනය පොලීසිය පැවසීය.
අත් අඩංගුවට ගත් සැකකරුවන්ගේ නිවාස පරීක්ෂා කිරීමේදී කඩු කිණිසි ඇතුලු තවත් ආයුධ කීපයක් හමු වී තිබේ.
ප්‍රදේශයේ වැසියන්ගෙන් ලත් තොරතුරු මත මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ව යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.