බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස්පති නිර්දේශයක් නැතිව දේශබන්දුගේ පුද්ගලික සහකාරට සේවා දිගුවක්… 2023 සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ එකම සේවා දිගුව එයයි…

by editor
ජනවාරි 14, 2023
in පුවත්
Police-Officer
Share on FacebookShare on Twitter

වසර 60 සම්පූර්ණ වූ රාජ්‍ය නිලධාරින්ට සේවා දිගු ලබා නොදීම සම්බන්ධව රජය දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින අවස්ථාවක පොලිස් මුළු දෙපාර්තමේන්තුවේ එකම සේවා දිගුව වශයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දේශබන්දු තෙන්නකෝන්ගේ පුද්ගලික සහකාර ලෙස සේවය කරන විශ්‍රාමික පොලිස් අධිකාරී ඩීඩීආර් දසනායක වෙත පොලිස් කොමිසම විසින් විශේෂ සේවා දිගුවක් ලබා දීම පොලිස් දෙපාර්තමේන්තුව තුළ දැඩි විසංවාදයක් ඇති කර තිබේ.

පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දුගේ අත්සනින් යුතුව ලබා දී ඇති එම සේවා දිගු නිර්දේශයේ දක්වා ඇත්තේ පොලිස්පතිවරයා විසින් ඉදිරිපත් කර ඇති කරුණු සලකා බලා එම සේවා දිගුව ලබා දුන් බවය.
එහෙත් පොලිස්පතිවරයා විසින් මෙම නිලධාරියා සඳහා එවැනි සේවා දිගුවක් නිර්දේශ කර නැති බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සනාථ කරයි.

එමෙන්ම මෙම විශ්‍රාමික පොලිස් අධිකාරීවරයා 2022 දෙසැම්බර් මස 31 වැනිදා දක්වා සේවය කර ඇත්තේ විශ්‍රාම ගැන්වීමෙන් අනතුරුව ලබා ගත් සේවා දිගුවකින් බව ජාතික පොලිස් කොමිසම විසින්ම ලිඛිතව සඳහන් කර ඇත.

එසේ තිබිය දී බස්නාහිර පළාත්  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාරවරයාට සේවා අවශ්‍යතාවය මත සිය පොලිස් දිවියේ දෙවැනි සේවා දිගුව ලැබෙන්නේ 2023 වර්ෂය වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ එකම සේවා දිගුව ලද නිලධාරියා ලෙස වීමත් ඊට පොලිස්පතිගේ නිර්දේශය නොලැබී තිබියදී වීමත් විශේෂ බව පොලිස් මූලස්ථානය කියයි.

මෙම විශ්‍රාමික පොලිස් අධිකාරීවරයාට උක්ත සේවා දිගුව නිර්දේශ වන්නේ පොලිස්පති නිර්දේශය ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සහ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වෙත සේවා දිගුව ලබා දීම ජාතික පොලිස් කොමිසම විසින් ප්‍රතික්ෂේප කර ඇති පසුබිමක බව ද වාර්තා වේ.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඊට අමරතව තවත් උසස් පොලිස් නිලධාරීන් කීප දෙනෙක් ද සිය සේවා දිගු අයදුම් කර තිබුණත් පොලිස්පති නිර්දේශය මෙන්ම පොලිස් කොමිසමේ නිර්දේශය ද ලැබී නැති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බෝට්ටුවෙන් ප්‍රංශයට යන්න හැදූ 46ක් ගුවන් මගින් ලංකාවට…

Next Post

ගැටුම් රැසක් මැද අම්බලන්ගොඩ ධර්මාශෝකය සිසුන්ගෙන් අනීතිකව එකතු කළ මුදල් ආපසු බෙදයි…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.