අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගැටුම් රැසක් මැද අම්බලන්ගොඩ ධර්මාශෝකය සිසුන්ගෙන් අනීතිකව එකතු කළ මුදල් ආපසු බෙදයි…

by editor
ජනවාරි 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ – බළපිටිය

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ මෙවර අපොස උසස් පෙළ විද්‍යා/ගණිත අංශයට ඇතුළත් වූ සිසුන් 350ක ගෙන් නීති විරෝධී ආකාරයෙන් එකතු කරන ලද රුපියල් හත් ලක්ෂ තිස් පන් දහසක මුදලක් (7,35,000/-) ආපසු බෙදා දීමට යෑමේදී විදුහලේ කාර්යාල කාර්යය මණ්ඩලය හා විද්‍යා/ගණිත අංශයේ අංශ ප්‍රධානී අතර බරපතල බහින් බස් වීමක් අද (13) දහවල් ඇති වී තිබේ.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපගේ නියෝගයකට අනුව මෙම මුදල් ආපසු ලබා දීමට සැලසුම් කර තිබෙන බවත් මුදල් ලබාගත් සිසුන්ගේ නාම ලේඛණය සහ එකතු කරන ලද මුදල් ආපසු කාර්යාලයට ලබාදුන් අවස්ථාවේ එය ප්‍රතික්ෂේප කිරීමත් සමග මෙම ගැටුම ඇතිව තිබෙන බවත් විදුහලට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

එයින් පසුව විද්‍යා/ගණිත අංශ ප්‍රධානී විසින් අදාල නාම ලේඛණය ඉරා දමා තිබෙන බවත් පසුව කාර්යාල සේවකයින් විසින් එම නාමලේඛණය වෙනත් කොලයක අලවා නැවත සකස් කර තිබෙන බවත් දැන ගන්නට තිබේ.

මෙම මුදල් ගුරුවරුන් විසින්ම ආපසු ළමුන්ට ලබා දීම සුදුසු බවට විදුහල්පතිනි සනුජා ජයවික්‍රම විසින් දැනුම් දීමත් සමග කාර්යාලය මුදල් ලබා ගැනීම ප්‍රතික්ශේප කර තිබෙන බවත් මුදල් එකතු කළේ විදුහල්පතිනියගේ දැනුම් දීම නිසා බැවින් මුදල් ආපසු ලබා දීමත් කාර්යාලය විසින්ම කළ යුතු බවත් එහිදී විද්‍යා/ගණිත අංශයේ ගුරුවරුන් ප්‍රකාශ කර තිබේ.

නිත්‍යානුකූල නොවන අයුරින් මුදල් එකතු කර නොමැති බවට තමන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබෙන බැවින් මෙම මුදල් කාර්යාලය මගින් ලබාගෙන ආපසු බෙදා දුන්නොත් ලේකම්වරයාට කරන ලද දැනුම් දීම අසත්‍ය ප්‍රකාශයක් වන බවත් ඒ නිසා මුදල් ආපසු ලබා ගැනීම කළ නොහැකි බවට විදුහල්පතිනිය ගුරුවරුන්ට ප්‍රකාශ කර තිබෙන බවද දැනගන්නට තිබේ.

RelatedPosts

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

විද්‍යා අංශයේ පංති 03 ක හා ගණිත අංශයේ පති 04 ක ළමුන් 50 බැගින් ළමුන් 350 කගෙන් විද්‍යාගාර පහසුකම් ගාස්තු වශයෙන් එක ළමයෙකුගෙන් රුපියල් 2100/- බැගින් මෙම රුපියල් 7,35,000/- ක මුදල එකතු කර තිබේ. මෙම මුදල් මේ වන විට එක් එක් පංතිභාර ගුරුවරුන් සතුව තිබෙන බවද දැන ගන්නට ඇත.

අම්බලන්ගොඩ ප්‍රධාන පෙළේ ජාතික පැසැලක මෙවර අපොස උසස් පෙළට ඇතුලත්වන සිසුන්ගෙන් රුපියල් 27,000/- කට අධික මුදලක් එකතු කරන බවත් එයින් රිසිට් පතක් නිකුත් කරන්නේ පහසුකම් ගාස්තු හා පාසැල් සංවර්ධන සමිතියට ලෙසින් රුපියල් 7920/- කට පමණක් බවත් පසුගිය 10 දින මාධ්‍ය මගින් අනාවරණය කර තිබුණි.

මේ සම්බන්ධව එදිනම (10) අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශයක් කරමින් නීත්‍යානුකූල නොවන අයුරින් කිසිදු මුදලක් අම්බලන්ගොඩ කිසිදු ජාතික පැසැලක් එකතු කර නොමැති බවත් අම්බලන්ගොඩ ජාතික පැසැල් 05න්ම ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් කළ බවද මාධ්‍ය ආයතන වෙත දැනුම් දී තිබුණි. එම ප්‍රකාශය ඊට පසුදින (11) මාධ්‍ය මගින්ද ප්‍රකාශයට පත්කර තිබුණි.

පාසැල් සංවර්ධන සමිතියට සහ පාසැල් පහසුකම් ගාස්තු ලෙස රුපියල් 7920/- ක මුදලක් විද්‍යාගාර පහසුකම් වෙනුවෙන් රුපියල් 2100/- ක්, පංති කාමර පිරිසිදු කිරීම වෙනුවෙන් රුපියල් 2000/- ක්, ඩෙස් පුටු වෙනුවෙන් රුපියල් 11,000/- ක් සහ ශ්‍රවණාගාරයේ විදුලි පංකා අළුත්වැඩියා කිරීම වෙනුවෙන් රුපියල් 4000/- ක් වශයෙන් රුපියල් 27,020/- ක මුදලක් මෙසේ එකතු කර තිබේ.

මෙයින් රුපියල් 7920/- ට පමණක් විදුහල් මගින් රිසිට් පතක් ලබා දී තිබෙන අතර විද්‍යාගාර පහසුකම් වෙනුවෙන් වූ රුපියල් 2100/- මුදල විද්‍යා හා ගණිත අංශයේ ගුරුවරුන් විසින් එකතු කර තිබේ.

ඉතිරි රුපියල් 17,000/- ක මුදල අම්බලන්ගොඩ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අංක 100560005771 ගිණුමට බැරකර එහි රිසිට් පත 077-1337639 දුරකතන අංකයට වට්ස්ඇප් කරන ලෙස දැනුම් දුන් බවද දෙමාපියන් ප්‍රකාශ කරන්නේ යැයි පසුගිය 10 සහ 11 දිනයන්හි මාධ්‍ය මගින් අනාවරණය කර තිබුණි.

මෙම බැංකු ගිණුම සම්බන්ධයෙන් සොයා බැලූ විට එය අම්බලන්ගොඩ ආනන්ද ගෙස්ට් හවුස් ආයතනයට අයත් ගිණුමක් බව තහවුරු විය. එම අවස්ථාවේදීම දෙමාපියන් එකතුව සමිතියක් සකස් කරගත් බවත් මෙම තීන්දුව එම සමිතිය විසින් ගත් බවත් අදාල සමිතියේ භාණ්ඩාගාරික වන කාංචනා නිරෝෂණී ගේ 077-9372836 දුරකතන අංකයට කතා කල විට ප්‍රකාශ කළාය.

මේ අකාරයට මුදල් එකතු කිරීම නතර කරන ලෙස අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ විදුහල්පතිනි සනුජා ජයවික්‍රම දැනුම් දුන් බවද කාංචනා නිරෝෂණී පසුගිය 10 දින ප්‍රකාශ කළාය. නමුත් සිද්ධිය මාධ්‍ය මගින් අනාවරණය වීමත් සමග මුදල් එකතු නොකළ බවත් ඒ වන විට කිසිවෙක් මුදල් ලබා දී නොතිබුණ බවත් ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළාය.

මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක ජාතික පාසලේ විදුහල්පතිනිය වන සනුජා ජයවික්‍රමගෙන් පසුගිය 09 දින කළ විමසීමේ දී ඇය පැවසුවේ දරුවන්ගේ සේවා පහසුකම් හා පාසැල් සංවර්ධ සමිතියට වසර දෙකකට රු 7920/- ක මුදලක් අය කරන බවත් ඒ සඳහා රිසිට් පතක් පාසලෙන් නිකුත් කරන බවත්ය.

වෙනත් කිසිදු මුදලක් එකතු කර නොමැති බවත් ඔය කියන පෞද්ගලික ගිණුමක් සඳහා මුදල් බැර කිරීමක් සම්බන්ධව කියන කතා ප්‍රතික්ෂේප කරන බවත්ය.

නමුත් එයින් පසුව කිසිදු අවස්ථාවක ඇයගේ 071-8309980 දුරකතන අංකයට කතා කළත් දුරකතනයට පිළිතුරු දීමෙන් වැලකී සිටියාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස්පති නිර්දේශයක් නැතිව දේශබන්දුගේ පුද්ගලික සහකාරට සේවා දිගුවක්… 2023 සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ එකම සේවා දිගුව එයයි…

Next Post

රට ගොඩගන්න එකතුකරගන්නා කට්ටිය ගැන චන්ද්‍රිකා කියයි!

Related Posts

Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.