පානදුර සුමිත් පොතුපිටිය –
හොරකම් මැරකම් වංචා නොකරන ඕනෑම අයෙක් සමග රට ගොඩනැගීම සඳහා වැඩ කිරීමට සූදානම් යැයි හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග පැවසුවාය.
“අපි හොඳ වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා. ඒක පිළිගන්න කැමති හොඳ පිරිස් සමග එක්ව රට ගොඩගන්න අපි සූදානම්. විශේෂයෙන් තරුණ අයත් එක්ක. අරය මෙයා හැම කෙනෙක් එක්කම අපි වැඩකරන්න සූදානම් නෑ.“
ඇය මේ අදහස් පලකලේ දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ පැවතී පිංකමකට සහභාගි වෙමිනි .







