ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ෂර්මිලා රත්නායකගේ සේවය ඊයේ (24) සවස සිට වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවා ඇතැයි වනජීවී සංවර්ධන ඇමති සී.බී. රත්නායක ප්‍රකාශ කළේය.
ඇයගේ නිල කාමරයට මුද්‍රා තබා නිල වාහනය නැවත අමාත්‍යාංශය වෙත පවරා ගැනීමට කටයුතු කළ බවත් එසේ කීරීමට හේතුව වන්නේ අමාත්‍යාංශයේ නියෝග දිගින් දිගටම කඩ කිරීම බවත් අමාත්‍යවරයා කීවේය.
රිදියගම සෆාරි උද්‍යානයේ පශු වෛද්‍යවරුන් වැඩ වර්ජනක් ආරම්භ කර ඇති බවත් ඊට හේතුව ඇය එහි කළ සංචාරයක් බවත් අමාත්‍යවරයා කීවේය.
කෙසේ වෙතත් ඊයේ උදේ වරුවේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ අමාත්‍ය සී.බී. රත්නායක තමන් විෂයෙහි හැසිරුණු අශිෂ්ට ආකාරය පිළිබඳ රටට හෙළි දරවු කළාය. ඇය යෝජනා කළේ මේ ඇමතිවරයාට ඡන්දය දුන් කාන්තාවන් නැවත වරක් ඔහුට ඡන්දය පාවිච්චි කරන විට කල්පනා කර බැලිය යුතු බවය.
ජනාධිපතිවරයා විසින් පත් කළ පරීක්ෂණ කමිටුවේ කමිටු වාර්තාව ක්‍රියාත්මක නොකර තමන් සේවයෙන් ඉවත් කිරීමට අමාත්‍යවරයා යළි යළිත් කටයුතු කළ ආකාරය හෙළි කළ අධ්යක්ෂ ජනරාල්වරිය කීවේ පෙරේදා රිදියගම සෆාරි උද්‍යානයට ගිය අවස්ථාවේ ඇයට විරෝධය දැක්වූ කණ්ඩායමක් සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරයෙකුට පහර දී රෝහල් ගත කළ බවය. ඇය එම වීඩියෝ පට ද මාධ්‍යයට ඉදිරිපත් කළාය.
අනතුරුව ඇයව අනතුරකට පත් කිරීම සඳහා වාහනයේ රෝදවලට ඇණ තැබූ ආකාරයත් අමාත්‍යවයා හා අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුදැනුම මත සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තුළ භීෂණයක් ඇති කර තිබෙන බවත්ය.
මේයත් බලන්න…
තමන්ගෙ “සුදු පොත්ත“ ගැන කී ඇමති සී.බීට සත්ත්වෝද්‍යානයේ අධ්යක්ෂ ජනරාල්වරිය දුන් පිළිතුර!







