විවිධ බාධක හමුවේ අඛණ්ඩව මුද්‍රණය වූ ලංකාවේ ප්‍රධානම ජාතික පුවත්පතක්වන දිවයින මුද්‍රණ කඩදාසි නොමැතිකම නිසා හෙට දිනයේ මුද්‍රණය නොවන බව දන්වා තිබේ.
නැවත දැනුම් දෙන තුරු දිවයින සෙනසුරාදා පුවත්පත අන්තර්ජාල කලාපයක් ලෙ පමණක් පල කිරීමට කටයුතු කර තිබේ.
මේ වනවිට ලංකාවේ සියලුම මුද්‍රිත මාධ්‍යය විෂයෙහි කඩදාසි හිඟය දැඩිව බලපා ඇති අතර ඉදිරියේ දී මේ තත්වය වඩාත් උග්‍ර වනු ඇතැයි ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සෙල්වම් කේතීෂ් මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.
විනිමය අර්බුදය සහ ලෝක වෙළඳපොලේ කඩදාසි මිල ඉහළ යාම හේතුවෙන් කර්මාන්තය දැඩි අර්බුදයකට පත්ව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
මේ තත්වය හමුවේ පුවත්පත් ආයතන සිය කඩදාසි තොග කළමනාකරණය කිරීම සඳහා දැඩි වෙහෙසක් දරමින් සිටී.
මේ වනවිට දිවයින සෙනසුරාදා පුවත්පත මුද්‍රණය නැවැත්වූවා සේම ලේක් හවුස් ආයතනයේ සන්නාමයක් වූ සරසවිය පුවත්පත සෑම මසකම එක් මුද්‍රිත කලාපයකට පමණක් සීමා කිරීමට කටයුතු යොදා ඇත.
ආරෝග්‍යා පුවත්පත් මුද්‍රිත කලාපය සේ එළි දකින්නේ මාසිකව එකකි. ඉතිරි සති තුන තුළ මෙම පුවත්පත්වල ප්‍රකාශනයන් අන්තර්ජාල කලාප ලෙස නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ.
මීට අමතරව පුවත්පත් ආයතන මිල ඉහළ දැමීම, පිටු සංඛ්‍යාව සීමා කිරීම, පුවත්පත් අත්හිටුවීම වැනි ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගනිමින් කර්මාන්තය පවත්වා ගැනීමට කටයුතු කරමින් සිටී.







