දිනසේන රතුගමගේ –
යාපනයේ මීසාලේ ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක පැවති ක්‍රීඩා තරගයක් අතරතුර ක්‍රීඩාංගණයට කඩු හා පොලු රැගෙන පැමිණි පහලොස් දෙනෙකු පමණ ක්‍රීඩකයින්ට පහර දී කඩු වලින් කැපීම නිසා එක් ක්‍රීඩකයෙකු තුවාල ලබා චාවාකච්චේරී රෝහලට ඇතුළත් කොට තිබේ.
ඊයෙ (16) සිදුවූ මෙම අපරාධය අතර තුර කඩු ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ මීසාලේ ප්‍රදේශයේ පදිංචි සිවකුමාර් රාහුලන් ( 25) නැමති ක්‍රීඩකයෙකි.
මේ අවස්ථාවේදී ක්‍රියාත්මක වූ ගම්වාසීන් කඩු හා පොලු රැගෙන ක්‍රීඩාංගණයට කඩා වැදුණු අයගෙන් හතර දෙනෙකු අල්ලා ගස් බැඳ කොඩිගාමම් පොලීසිය වෙත බාර දී තිබේ.
පොලීසිය ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් ක්‍රීඩාංගණයට කඩා වැදුණු සෙසු පිරිස සොයා ගැනීමට පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
මෙම අවසන් ක්‍රීඩා තරගයට පෙර පවත්වන ලද මූලික තරගවලදී පරාජයට පත් ක්‍රීඩා කණ්ඩායමක් විසින් ලබා දෙන ලද කොන්ත්‍රාත්තුවකට අනුව මෙම කඩු හා පොලු ප්‍රහාරය ක්‍රිඩකයින් වෙත එල්ල කරන්නට ඇති බවට සැකයක් පහල වී තිබේ.
කොඩිගාමම් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.