සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පැතුම්… ස්තුතියි උඹට! අපට අමතකවී ගිය ක්‍රිකට් යළිත් මතක් කළ කැටයම් නැති වැඩ්ඩා….

by editor
පෙබරවාරි 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සටහන තබන්නට කලින් මේ ටික කිව යුතුය.

පැතුම්… ස්තුතියි උඹට…

ඒ අප කාලයකින් නුදුටු ක්‍රිකට්ය.  කාලයක් තිස්සේ අප පුල පුලා බලා සිටි ක්‍රිකට් ය.  ඒ ක්‍රිකට් ගෙනෙන්නේ අප ගේ හිත්වල ඉන්නා අතීත ක්‍රිකට් සංයමය සිහි කරන, ක්‍රිකට් විනය සිහි කරන, ගාම්භීර නිහඬ පුංචි එකාගෙන් වීම අපේ ප්‍රාර්ථනා පූර්ණ කර ඇත්තේය.

එක් දින ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් පළමු ද්විත්ව ශතකය වාර්තා කර ඇත්තේය.  ඒ වික්‍රමය කළ පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 210ක් ලබා ගන්නේ පන්දු 139ක් තුළය. ඔහුගේ ප්‍රහාරක වේගය 151.07කි.  හතරේ පහර 20කි. හයේ පහර 08කි. එකම වල් පහරකින් තොරවූ ක්‍රිකට් ක්‍රීඩාවේ කලාත්මක භාෂණය පැතුම් අද පල්ලේ කැලේ දී පෙන්නුවේය. මින් පෙර එක් දින තරගයක දි වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කරගෙන සිටි ක්‍රීඩකයා සනත් ජයසූරිය . ඒ ලකුණු 2000 වසරේදී ලකුණු 189ක් රැස් කරමිනි.    දැන් එක් දින තරගයක දී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් තරග වාර්තාව පැතුම් අතේය. එය ලෙහෙසියෙන් කෙනෙකුට ලඟා විය නොහැකි තරම් දුර වාර්තාවකි.

ඔහු අද කඩුල්ලේ කළ මනරම් රංගනය රෝයි ඩයස්, සිදත් වෙත්තමුණි, රොෂාන් මහානාම, මාවන් අතපත්තු කුමාර සංගක්කාර දක්වා ඉතිහාසයක් සිහි කළ බව කිව යුතුය. ක්‍රීඩා ලෝලී අපට එවැනි වාසනාවක් ලැබෙන්නේ මහත් වූ කාලයකිනි. අප දුටුවේ දෙවරක් ඉන්දියාව හමුවේ පට්ට් පදුරු කුජීත වූ ක්‍රිකට්ය. ලකුණු හැටක සීමාව නොඉක්මවා දැවී ගිය අයුරු පිළිබඳ වේදනාත්මක මතකය අපට සේම ඉන්දියානු ක්‍රිකට් ලෝලීන්ට ද දැනුනේය. ඔවුන් ඉන්දියාවේ ජයග්‍රහණය ට ප්‍රීති වූ තරමටම ලංකාවේ බිඳ වැටීමට කම්පා වූ බව දනිමු.

ඒ මහා අගාධය ගැඹුරු පතුලේ හිටියේ සිම්බාබ්වේ කණ්ඩායමෙනුත් ගුටි කමිනි. ඇෆ්ගනිස්ථානය සම්බන්ධව කිව යුතුම නැත. ඇෆ්ගනිස්ථානයත් අපට වඩාගෙන ගැහුවේය. ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගාවලියේ දි ඉන්දියාවට දුන් තරගය අනුව ඇෆ්ගන් කණ්ඩායම හිටියේ කොතරම් ඉදිරියෙන් ද යන තක්සේරුව ක්‍රීඩා ලෝලී අපටත් තිබිණි. පැතුම් පල්ලේ කැලේ දී කුඩු කර පෙන්නුවේ අපට තව පුලුවන් බවය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පැතුම් අවිශ්ක ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 182ක සබඳතාවය…

පැතුම් නිස්සංක යනු තෙරීම් කමිටුව නොතෝරා ඉන්නට බැරි තැන තෝරා ගත් ක්‍රිඩකයෙකි. ඔහුට දක්ෂතාවය හැර කිසිම දෙයක් තිබුණේ නැත. අධිශ්ඨානය දරා ගැනීම සහ හැකියා කෙරෙහි තැබූ විශ්වාසය පමණක් සහිතව දුගී පවුලක දරුවෙක් ලෙස ක්‍රිකට් ක්‍රිඩාවට පිවිසෙන පැතුම් 2021 මාර්තු 21-25  තමන්    තරග වැදුන පළමු ටෙස්ට් තරගයේ දීම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව නෝරත් සවුන්ඩ් ක්‍රීඩාංගනයේ දී   ශතකයක් වාර්තා කරමින් තේරීම් කමිටුවේ ප්‍රමාදය සම්බන්ධව ඔවුන්ගෙන් ප්‍රශ්න කළ  ක්‍රීඩකයෙකි.

මේ තරගයට පිවිසෙන්නට පෙර එක් දින තරග 49කට ක්‍රීඩා කර ලකුනු 1728ක් රැස් කරගෙන  සිටි ක්‍රීඩකයෙකි. ඊට ශතක 03ක් සහ අර්ධ ශතක 13ක් අන්තර් ගත වී තිබිණි. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 38.4කි.  ප්‍රහාරක වේගය 84.7 කි.

යළිත් වරක් පැතුම් ගැන කිව යුත්තේ ඔහුගේ සාර්ථකත්වය ක්‍රීඩා ලෝලීන් මහත් ආනන්දය පත් කර ඇත්තේ ඔහුගේ නිහඬ, විනයක් සහිත ගැඹුරු පෞරුෂය නිසාය. ඔහුට මුදල් වැය කර පුම්බන එෆ්.බී. පේජ් කාරයන් නැති නිසාය.  කුලියට වර්ණනා කරන්නට වියදම් කිරීමට වඩා තමන්ගේ හැකියාව කෙරෙහි විශ්වාසය තබා ඇති නිසාය. ඔහුව ආරක්ෂා කරගැනීමට කුලී බලඇණි නැති නිසාය.

ඩුප්ලිකේට් කෝලිලා නිර්මාණය කරන පේජ් කාරයින් ක්‍රිකට් විහිලුවක් බවට පත් කර ඇති කාලයක ක්‍රිකට්වලට අදාල බර සහිතව ක්‍රිකට් යළි උත්කර්ෂයට ගෙනා මේ නිහඬ ක්‍රීඩකයා සම්බන්ධව ලියා තැබිය යුත්තේ පුල්වන් නම් කුසල් මෙන්ඩිස් ද පැත්තකින් හිඳ ඔහු දෙස බලාගෙන සිටිනවා නම් හදා ගත යුතු ගොඩක් තැන් ඔහුටත් හදා ගත හැකි බවය.

නායකත්වයට පත් වූ දින සිටම සිදුවූ සේ සුපුරුදු ලෙස යළිත් කුසල් මෙන්ඩිස් ෆේල්ය. ඔහු ලකුණු 15ක් ලබා ගන්නේ පන්දු 31ක් තුළය. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 88කි. සධීර සමරවික්‍රම ලකුණු 45කි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තාගත ලකුණු 381ක් සහිතවය. එහි ලකුණු 210ක් නොදැවී ලබා ගන්නේ පැතුම්ය.

යළිත් වරක් කිව යුතුව ඇත. ස්තුතියි පැතුම්.  ගොඩක් දවසකට පස්සේ ක්‍රිකට් දැක්කා…

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජාතික ජන බලවේගයේ දූත කණ්ඩායමක් යෙදෙන ඉන්දීය සංචාරය ගැන මඩ ගහන කණ්ඩායම්වලට හරිනී පාර්ලිමේන්තුවේ දී උත්තර දෙයි!

Next Post

ඉතිහාසයේ පළමු වරට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවකයෝ වර්ජනය කරති… රට පුරා ඔසු සැල් වැසේ… ඉල්ලීම් දිනාගෙන වර්නජනය නිම කරයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.