සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික ජන බලවේගයේ දූත කණ්ඩායමක් යෙදෙන ඉන්දීය සංචාරය ගැන මඩ ගහන කණ්ඩායම්වලට හරිනී පාර්ලිමේන්තුවේ දී උත්තර දෙයි!

by editor
පෙබරවාරි 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික ජන බලවේගයේ දූත කණ්ඩායමක් ඉන්දියානු රජයේ ආරාධනය පිට ඉන්දියාවේ කරන සංචාරය පිළිබඳව ආණ්ඩුවේ සහ විපක්ෂයේ ඇතැම් දේශපාලන කණ්ඩායම් කලබලවීම සම්බන්ධව පුදුම නොවන බවත්, මෙම සංචාරය ඉන්දීය රජයේ ආරාධනය මත කෙරෙන රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් මිස ජනාධිපතිගේ හෝ වෙන කාගේ හෝ මැදිහත්වීමෙන් ලැබුන වරදානයක් නොවන බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනී අමරසූරිය අද පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

මන්ත්‍රීවරිය මේ බව පැවසුවේ මේ වනවිට ජාතික ජන බලවේගයේ  දූත පිරිසක් යෙදී ඇති ඉන්දීය සංචාරය සම්බන්ධව සමාජය තුළ මතුවෙමින් පවතිනා කතාබහ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරමිනි.

එහිදී මන්ත්‍රීවරිය මෙසේ ද කීවාය.

අපේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රී තුමා  ඇතුළු  අපේ කණ්ඩායමක් මේ වනවිට ඉන්දීය රජයේ ආරාධනාවක් පිට ඉන්දියාවේ සංචාරය කිරීම පළිබඳ ආණ්ඩුව පැත්තෙන් සහ අනෙක් පාර්ශවවලින්  විශාල කතාබහක් ඇතිවෙලා තියනවා.

සමහර පාර්ශවවලින් කියන්න උත්සාහ කරනවා මේක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ මැදිහත්වීම තුළින් සිද්ධ වෙච්චි දෙයක් කියලා. ඒක කිසිසේත්ම එහෙම නෑ. මේක ඉන්දීය රජයෙන් ජාතික ජන බලවේගයට ආපු ආරාධනාවක් මත ගිය සංචාරයක්.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

විවිධ පාර්ශවයන් ඒ පිළිබඳ කලබල වෙන එක අපට තේරුම් ගන්න පුලුවන්. මේ රාජ්‍ය තාන්ත්‍රික ආරාධනාව ඒ අයගේ බල ව්‍යාපෘතිවලට සහ දේශපාලනයට විශාල අභියෝගයක් කියන එක රහසක් නෙමෙයි.

ජාතික ජන බලවේගයට    ජාත්‍යාන්තර පිළිගැනීමක් සහ පක්ෂයේ ජාත්‍යාන්තර  ගනුදෙනුව මේ සංචාරය හරහා තවත් ශක්තිමත් වෙනවා  කියන එක  රහසක් නෙමෙයි. ඒක පිළිබඳ අපේ ප්‍රතිවාදී කලබල වීම ගැන අපට පුදුම වෙන්න දෙයක් නෑ.

නමුත් මේක කියන්න අවශ්‍යයයි. විවිධ කතන්දර හරහා මේක බාල්දු කරන්න උත්සාහ කරන එක තුළ අප කියන්න ඕන ජාතික ජන බලවේගය කියන්නේ වෙනස්වන ලෝක තත්ත්වයන් එක්ක ඒ අනුව යමින්, ඒවා තේරුම් ගනිමින්, ඒවාට මැදිහත් වෙන්න පුලුවන් දේශපාලන ව්‍යාපාරයක් කියන එක.

ඔබට අතීතයේ ඇලිලා ගැලීල වෙනස් නොවී ඉන්න පුලුවන් ඇති. නමුත් අපි මේ මොහොතේ වැඩ කරන දේශපාලන ව්‍යාපාරයක්. අද තියන දේශීය තත්ත්වයත් එක්ක වැඩ කරන දේශපාලන ව්‍යාපාරයක්. අපි අපේ රටේ සහ අපේ ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් මේ රටේ ජනතාව නියෝජනය කරමින් ජාත්‍යාන්තර සම්බන්ධතා තුළ අපේ ප්‍රතිපත්ති වෙනුවෙන්  පෙනී සිටින්න කිසිසේත්ම බය වෙන්නෙත් නෑ.

අවශ්‍ය තැන්වල දි තියන තත්ත්වයන් අනුව වෙනස් වෙන්නත් අපි කිසිසේතම බය නෑ. මොකද ඒක තමයි දේශපාලනය කියන්නේ. තියන තත්ත්වයන්  එක්ක වැඩ කිරීම. මනංකල්පිත දේවල් ගැන හිතමින් වැඩ කරන එක නෙමෙයි.  ආචාර්ය හරිනී අමරසූරිය කීවාය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති බටහිර ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය රොජර් කුක් සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡාවක…

Next Post

පැතුම්… ස්තුතියි උඹට! අපට අමතකවී ගිය ක්‍රිකට් යළිත් මතක් කළ කැටයම් නැති වැඩ්ඩා….

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.