ඉදුනිල් කහටපිටිය –
වසර දහතුනක් ඉගෙනගත් පාසලෙන් උසස් පෙළ කර ගැනීමට නොහැකි වේයැයි කණස්සල්ලෙන් පන්විල මහාවිද්‍යාලයෙ සිසුවියක් ඖෂධ අධි මාත්‍රාවක් පානය කර රෝගී වී අද (27) දා පස්වරුවේ පේරාදෙණිය රෝහලට ඇතුළත් කොට තිබේ.
මෙවර අපොස උසස්පෙල විභාගය සඳහා පාසලෙන් අයදුම් කිරීමට පැමිණීමේ ප්‍රතිශතය අවම බව පන්තිභාර ගුරුවරිය දැන්වීමෙන් පසුව නිවසට ගොස් නිවසේ දී ඖෂධ පානය කළ බව ඇය පවසා තිබේ.
එම අවස්ථාවේ ඇයව පන්විල රෝහලට ඇතුළත් කර ඇත. වැඩිදුර ප්‍රතිකාර සඳහා අද පස්වරුවේ ඇය පේරාදෙණිය රෝහලට මාරු කොට යවා තිබේ.
ඇය පන්විල නාරම්පනාවේ පදිංචිකාරියකි. මේ වන විට විදුහල්පතිනියගෙන් සහ පන්ති භාර ගුරුතුමිය ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පන්විල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.







