අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ මුදලිගේ සහ හිටපු ශිෂ්‍ය ක්‍රියාකාරී ඉන්දික විදානපතිරණ කුරුඳුවත්ත පොලිසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ.
2020.02.27 දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරියේ නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වෙමින් පීඩාකාරී ලෙස හැසිරීම සම්බන්ධව කුරුඳුවත්ත පොලිස් ස්ථානයෙන් අලුත්කඩේ අධිකරණයෙහි පවරා තිබූ නඩුවක් සඳහා 2023.05.29 දින පෙනී නොසිටීම නිසා නිකුත් කර තිබූ වරෙන්තුවකට අනුව ඔහුව මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර ඇත.
අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ සහ ඉන්දික විදානපතිරණ හෙට (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.
කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.







