සුමිත් පොතුපිටිය –
පරෙවියන් සම්බන්දයෙන් ඇතිවූ ආරවුලක් හේතුවෙන් ( අද) කඩුවකින් පහරදී පුද්ගලයකුගේ අත්දෙකටම බරපතළ තුවාල සිදුකර පලාගොස් සිටීන පිය පුතු යුවලක් ඇතුළු තිදෙනෙකු සොයා පරීක්ෂණ සිදුකරන බව පානදුර දකුණ පොලිසිය පවසයි .
පහරකෑමට ලක්ව ඇත්තේ පානදුර, වෑකඩ ,ගනේවත්ත ප්‍රදේශයේ පදිංචි 53 හැව්රිදි පුද්ගලයකු බවද පොලිසිය කීය.
සිය පියා අද (27) යතුරුපැදියකින් පානදුර පහන්ගම ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී පැමිණි තිදෙනෙකු කඩුවකින් පලාගොස් ඇති බවට පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ පුත්‍රයා ව්සින් ප්‍රකාශ ලබාදී ඇති බව පොලිසිය පවසයි.
පහරකෑ පුද්ගලයා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් , ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ බවත් රෝහල් ප්‍රකාශකයෙක් අප කළ විමසුමකදි කීවේය.
පහරදීමට පිය පුතු යුවලක් ඇතුළු තිදෙනෙකු පැමිණ ඇති බවට හදුනාගෙන ඇති බවත් ප්‍රදේශයෙන් පලාගොස් සිටින සැකකරුවන් සොයා පරීක්ෂණ සිදුකරන බවත් විමර්ශන අංහ කියයි.
ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්නගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල ගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. විජේතුංග ගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වයි.







