කීර්ති ප්රනාන්දු –
අද (22) දින පාන් බර පරික්ෂා කරන වැටලිම් සියයක් සිදුකළ බවත් ඉන් 70 දීම අඩු බර පාන් විකිණීම පිළිබඳව හෙළිදරවු වුන බවත් පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
මෙම අඩු බර පාන් අලෙවි කළ වෙළඳසැල් හිමියන් ට විරුද්ධව පාරිභෝගික පනත යටතේ නඩු පැවරීමට අධිකාරිය පියවර ගෙන ඇතැයි අධිකාරියේ උසස් නිළධාරියෙක් කීවේය .
මීට අමතරව මෙම අඩු බර පාන් නිෂ්පාදනය කළ බේකරි හිමියන් ගෙන් ප්රකාශ සටහන් කර ගන්නා අතර ඔවුන්ට විරුද්ධව ද නඩු පැවරීමට කටයුතු කරන බවද ඔහු පැවසුවේය
අඩු බර පාන් අලෙවි කිරීමට අමතරව පාන් මිල ප්රදර්ශනය නොකිරීම සහ තරාදියක් තම සන්තකයේ තබා නොගැනීම සම්බන්ධවද වෙළඳුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවද අධිකාරිය කියා සිටී .

තවදුරටත් අඩු බර පාන් අලෙවි කරන වෙළඳුන් සහ නිෂ්පාදනය කරන බේකරි සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බවද පාරිභෝගික සේවා අධිකාරිය කියයි.
පිටි මිල අඩුවීමත් සමග පාන් ගෙඩියක මිල අඩු නොවීමත් පාන් වල නිසි බරක් නොමැතිව අලෙවි කිරීමත් සම්බන්ධව පාරිභෝගිකයින් කරන පැමිණිලිවලට අනුවපාන්වල බර පරීක්ෂා කිරීමේ මෙම වැටලීම සිදුකර තිබේ.








