පානදුර මූලික රෝහලේ රාජකාරි කරන ගිලන්රථ රියදුරෙකු ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ සියලුම ආවේෂණ කටයුතු සිදුකර ඇති බවත් ඉදිරි පැය කිහිපය තුළ දී ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇති බවත් විමර්ශන ආරංචි මාර්ග පවසයි.
මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර අපරාධ කොට්ඨාශයෙන් හා කළුතර අපරාධ කොට්ඨාශයෙන් වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කර තිබිණි. .
මෙතෙක් කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ මෙම වෙඩි තැබීම සිදු කිරීමේ අරමුණින් යතුරුපැදි දෙකකින් සැකකරුවන් හතර (04) දෙනෙකු පැමිණ ඇති බවය. එයින් දෙදෙනෙකු හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ජනතා සහාය පැතුවේ නිවැරදි තොරතුරක් සපනය අයෙක් වේ නම් ඔහුට රුපියල් ලක්ෂ දහක ත්‍යාග මුදලක් ලබා දෙන බව ප්‍රසිද්ධ කරමිනි.
මින් එක් සැකකරුවෙක් වූයේ නො. 198, ගැමුණු මාවත, වලාන, පානදුර ලිපිනයේ පදිංචි කදනආරච්චිගේ ප්‍රමෝද් සදකැලුම් (24) ය. පානදුර, හිරණ, අළුබෝමුල්ල, මිනුවන්පිටිය, බොක්කේගම, මාතර හා පොලොන්නරුව ප්‍රදේශ වල මෙම පුද්ගලයා වැඩිපුර ගැවසෙන බව පොලිසිය කීවේය.
අනෙක් සැකකරු 52/1, පළමු පටුමග, හිරණ, පානදුර යන ලිපිනයේ පදිංචි බැමිණහැන්දිගේ චමිදු සංකල පීරිස් (23)ය. පානදුර, හිරණ, කළුතර, පොලොන්නරුව හා ගිරිතලේ යන ප්‍රදේශ වල වැඩිපුර ගැවසෙන බවත් පොලිසිය කීවේය.
කෙසේ වෙතත් මේ වනවිට මෙම මෙහෙයුම් කටයුතුවල අවසන් අදියරේ පසුවන බවත් ඉදිරි පැය කීපය තුළ මෙම සැකරුවන් අත්අඩංගුවට ගත හැකි වනු ඇති බවත් විමර්ශන ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.







