විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට අපේක්ෂා කළද තත්ත්වය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බැවින් පාලනය කළ නොහැකි තත්වයක් පැන නැගුනහොත් විදුලි කප්පාදුවකට යාමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
මේ අවස්ථාවේදී මහජන උපයෝගීතා කොමිසමට විදුලිය කපන්න ඉඩ දෙනවාද? නැතිනම් පරිස්සමෙන් පාවිච්චි කරලා ඒ තත්ත්වය මඟහරවා ගන්නවාද? යන්න විදුලි පාරිභෝගිකයා තීරණය කළ යුතු බව සභාපතිවරයා අවධාරණය කර සිටී.
“දිනෙන් දින ජල සංචිතය අඩුවෙමින් තිබෙනවා. ඒ අඩුවීම අපි අනිවාර්යෙන් නවත්වා ගත යුතුයි. මොකද ජලය මගින් විදුලිය නිෂ්පාදනය ඉදිරි මාස තුන සදහා සඳහා ඉතිරි කිරීමේ අවශ්‍යතාවයක් තියෙනව. ඒ නිසා විදුලිය මගින් නිපදවන ඒකක ප්‍රමාණය අඩු කළ යුතුයි. සමහර වෙලාවට කැලණිතිස්සට තෙල් නැති වුණා වගේ, මූල්‍ය අර්බුදයත් විදේශ සංචිත අර්බුදයත් මත තිබෙන තත්වය අපට පාලනය කල නොහැකි තත්වයට ඇවිත් තියෙනවා. ඒ තත්ත්වය මඟ හරවා ගන්න තමයි මේ ක්‍රියාමාර්ග ගන්න වෙන්නේ. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ විදුලිය ජනනය අඩු වෙනකොට විදුලි කැපීමට සිදු වෙනවා. අපි කැමති විදුලි පාරිභෝගිකයන්ට කියන්න භාවිතය අඩු කරන්න. විදුලිය වැය කරන එකක ගාන අඩු කරන්න. ගිගා වොට් පැය ගණන 40% දක්වා දවසකට අඩු කරලා 2700 මෙගාවොට් 400ට වගේ සති අන්තයේ ගෙනාවොත් අපිට පුළුවන් මේ තත්ත්වය කළමනාකරණය කරගෙන ඉදිරියට යාමට.” යැයි ද සභාපතිවරයා වැඩිදුරටත් කීය.







