කීර්ති ප්‍රනාන්දු –
ප්‍රවීන ගීත රචකයෙක්, ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙක්, මෙන්ම ගත් කතුවරයෙක් වූ සමන් චන්ද්‍රනාත් වීරසිංහ දිවි සැරියෙන් සමුගත්තේය.
රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිය දී ඔහු අද අළුයම මිය යනවිට 74 වැනි වියේ පසුවූයේය.
එච්.ආර්.ජෝතිපාල ගැයූ බිඳක් රැඳී අසන් ලඳේ, මාලනී බුලත් සිංහල ගැයූ සඳ මඬලේ සිට, දයාරත්න රණතුංග ගායනා කළ සමකෝණී ත්‍රිකෝණයකි, සුජාතා අත්තනායක ගැයූ හතරවටින් කළු කරගෙන වහින වෙලාවේ, ගුණදාස කපුගේ ගැයූ නාඹර ගොයටම, ටී.එම්. ජයරත්න ගැයූ මට තනි නැත නුඹ නාඩන් සුරතළියේ, පුන්සිරි සොයිසා ගැයූ ගංගා දියරැළි ගලා, සන්ෆ්ලරව් ගැයූ ඉගිල්ලෙන්න උඩින් යන්න ඇයි දඟලන්නේ, ඇතුළු රසික හදවත් වැළඳගත් මනරම් ගීතාවලියක පදරචකයා වූයේ ඔහුය.
මේ ආදරණීය සහෘදයා අප අතරින් සමුගෙන ගොස්ය. ඔහුගේ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.







