11 හැවිරිද දරුවෙකුගේ මුවට වෙඩි තැබීමෙන් දරුවා බරපතල ලෙස තුවාල ලැබ රෝහල්ගත කළ පුවතක් හපුතලේ කොස්ලන්ද කැලිපනාවෙලින් වාර්තා වේ.
මෙම වෙඩි තැබීම බෙහෙත් කොටන තුවක්කුවකින් තබා ඇති බව පොලිසිය කීවේය.
මේ වනවිට දරුවා බදුල්ල මහරෝහලේ අසාධ්‍ය තත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටී.
මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ දරුවාගේ ඥාතියෙක් බව කියන 21 හැවිරිදි තරුණයෙකි.
සිද්ධිය සම්බන්ධව සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.







