ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනූව මෙරට කෘෂිකර්මාන්තයේ නියුතු ගොවීන්ගේ ආදයම් මට්ටම උසස් කිරීම සදහා ගෙන යන වැඩ පිළිවෙලට සමගාමීව, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ උපදෙස් පරිදි මොරවැව, කනුගහවැව සහ අම්පාර යන ප‍්‍රදේශයන්හි අඩු ආදායම් ලාභි ගොවි පවුල් තෝරාගෙන ඔවුන්ගේ ගොයම් ගුවන් හමුදාවේ බහුකාර්ය ගොයම් කැපීමේ යන්ත‍්‍ර මගින් නොමිලේ කපාදිමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.
මෙහි මූලික පියවර මොරවැව ප‍්‍රදේශයෙන් පසුගියදා 12 දා ආරම්භ කළ බව ගුවන් හමුදාව මාධ්‍ය අංශය වාර්තා කරයි.
ඒ සදහා ප‍්‍රදේශීය ලේකම් කාර්යාලය හා ප‍්‍රදේශයේ ගොවි සමිති වල නිර්දේශය පරිදි අඩු ආදායම් ලාභි පවුල් 31 තෝරා ගෙන ඇත. එමගින් එක් ගොවි පවුලකට අක්කර 03 බැගින් ප‍්‍රථම අදියරදි අක්කර 93ක අස්වැන්න නෙලාදීමට නියමිතය.

මෙමගින් අක්කරයට රුපියල් 10000 බැගින් එක් ගොවි පවුලක් සදහා රුපියල් 30000ක පමණ මුදලක් ඉතිරිකර ගැනීමට හැකියාව උදාවී ඇත. මෙහි දෙවන සහ තෙවන පියවරවල් පිළිවෙලින් කනුගහවැව හා අම්පාර ප‍්‍රදේශ වල ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.







