සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රශ්නය විසඳගන්නව ද?. නැද්ද?. දැන් තීන්දුව තිබෙන්නෙ ජනතාව අතේ…. බලශක්ති ඇමති කියයි!

by editor
මැයි 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • අවශ්‍ය ඉන්ධන තොග ඇවිත් තිබෙන්නෙ… කරුණාකරලා බය වෙන්න එපා. කලබල වෙන්න එපා. දවස් 03ක් ඇතුළෙ ඉන්ධන පෝලිම් නැති කරනවා…

ඉන්ධන පිරවුම්හල් අසල, ප්‍රචන්ඩකාරීව හැසිරෙමින් ඉන්ධන ප්‍රවාහන කටයුතු කඩාකප්පල් කරමින් හැසිරෙන ස්ථානවල ඇති ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා නොදීමේ ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇතැයි බලශක්ති ඇමති කාංචන විජේසේකර පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද  (21) පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

දේශපාලන පක්ෂ සහ සංවිධානාත්මක කණ්ඩායම් විසින් මෙම සැපයුම් ජාලය අවුල් කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටින්නේ ලබන සඳුදා වනවිට මේ සියලුම ඉන්ධන පොලිම් නැති කිරීමේ  සැලසුම් සහගත වැඩපිළිවෙළක් රට තුළ දියත් කර ඇති වටපිටාවක බව ඇමතිවරයා කීවේය.

මේ ක්‍රියාවලිය සඳුදා වනවිට සාර්ථක කරගන්නවාද නැද්ද යන්න පිළිබඳව තීරණය දැන් ඇත්තේ ජනතාව අත බව ඔහු කීවේය.

කිසිම ආකාරයකට  ඉන්ධන හිඟයක් ඇති නොවන බවත් පසුගිය දින තුන තුළ පෝලිම්වල රැඳී නොසිටන ලෙස ජනතාවට කාරුණිකව දන්වා සිටියේ ඉන්ධන සංචිත නැති රටට   ගොඩබානු ලබන ඉන්ධන තොග ප්‍රමිති පරීක්ෂාවකින් අනතුරුව බෙදාහැරීමේ විද්‍යාත්මක  ක්‍රමවේදයට ගතවන කාලය පිළිබඳව සලකා බවත් ඔහු කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අයහපත් කාලගුණය නිසා මුදල් ගෙවූ නෞකාවල ඉන්ධන ගොඩබෑමට නොහැකි වීම, ඉන්ධන නෞකා ප්‍රමාද වීම වගේම පැමිණි නෞකාවලට මුදල් ගෙවීමට නොහැකිවීම යන කාරණා තුනම පදනම් වී පසුගිය දින කිහිපය තුළ ඉන්ධන හිඟයක් ඇති වූ බව පෙන්වා දුන් ඇමතිවරයා මේ මොහොතේ ඇත්ත තත්ත්වය නම් ඉන්ධන තොග ප්‍රමාණවත් තරමට රටට පැමිණ ඇති බවය. ඉදිරි සති දෙකට අදාලව ඉන්ධන තොග පවතින බැවින් ඉන්ධන නැවත නොපැමිණෙන බවට හෝ ඉන්ධන මිල වැඩිවීමක් සිදුවන බවට සැක නොසිතන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

“ ඩීසල් නැවක් 14 දා රෑ ලැබුණා. ප්‍රමිතිය පරීක්ෂා කරලා  15 වැනිදා  ගොඩබෑවා. අනතුරුව දිනක් අපේ  ගබඩාවල තැන්පත් විය යුතුයි. අනතුරුව ප්‍රමිතිය පරීක්ෂා කරලා තමයි රට වටේ තිබෙන ඉන්ධන පිරවුම්හල් 1190 වෙත බෙදා හරින්නේ.  මේ ක්‍රියාවලියට  අඩුම තරමින් දින 03 යනව. ඒ නිසයි කිව්වෙ පෝලිම්වල දින 03ක් ඉන්න එපා කියලා.“

“සාමාන්‍යෙයයන් දෛනික නිකුත් කළ යුත්තේ ඉන්ධන ටොන් 4000යි – නැතිනම්  4500යි. නමුත් අපි දෛනිකව 7500 දක්වා දුන්නා.  මේ ඉල්ලුම වැඩි වීම නිසා දින 10ක් ආවරණය කරන ඉන්ධන තොගය  දින 06න් අවසන් වුනා. ඒ නිසා අපි ගෞරවයෙන් ඉල්ලනවා… අනවශ්‍ය විදිහට ඉන්ධන එකතු කරන්න එපා. මේ අසීරු අවස්ථාව කළමනාකරණය කරගන්න අපි හැමෝම එකතු වෙමු. “

“ඉන්ධන හිඟයක් ගැන සැක හිතන්න එපා.  මේ මොහොතෙත් ඩීසල් නැවක් ගොඩබානවා.  පෙට්‍රල් නෞකාවක් ගොඩබාමින් තිබෙනවා.  තව පෙට්‍රල් නෞකාවකට මුදල් ගෙව්වා.  ඊයේ  ඒ ගෙවීම් සනාථ කරගෙන තමයි ගනුදෙනු නිරාකරණය වුනේ.  ඒ නැව ගොඩබාන්න පටන්  ගත යුත්තේ දැනට ඉන්ධන ගොඩබාමින් ඇති නෞකාවල මෙහෙයුම් ඉවර වුනාට පස්සේ.

ඉදිරි දින 10 තුළ තව ඩීසල් නෞකා දෙකක් සහ පෙට්‍රල්  නෞකාවක් එනවා.  අද ගොඩබාන හෙට සහ 25 දා එන නෞකාවල 95 පෙට්‍රල් තියනවා. 95 පෙට්‍රල්වල කිසිම හිඟයක් වෙන්නෙ නෑ. ඩීසල් ඔටෝ ඩීසල් පෙට්‍රල් 92 සහ 95 අඛන්ඩව  ලැබෙනවා. මේ මෙහෙයුම් කරන්න ඉඩ ලැබුනොත් සඳුදා වනවිට මේ ඉන්ධන පෝලිම් අපට නැති කළ හැකියි.

ජනතාව දැනුම්වත් කළ යුතුයි..  පාරවල් වැහුවොත් ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ ප්‍රවාහන කරුවන්   පීඩාවට ලක් කළොත්, ඔවුන්ට ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කරගන්න බැරිවුනොත් මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් කඩා වැටෙනවා.

ඒ නිසා අපි ප්‍රතිපත්තිමය තීරණයක් අරන් තියනවා කොතැනක හෝ   ඉන්ධන පිරවුම්හලක් ඉදිරියේ ප්‍රවාහන කටයුතු අකර්මන්‍ය කරනවා නම්, එම ඉන්ධන පිරවුම්හලේ කටයුතුවලට බාධා කරනවා නම්,  අපි ඒ ඉන්ධන පිරවුම්හලට මින් ඉදිරියට ඉන්ධන බෙදා දෙන්නෙ නෑ.

දැන්  ජනතාව තීරණයකළ යුතුයි මේ ගැටලුව නිරාකරණය කරන්න  අවස්ථාව දෙනව ද . බලපෑම් කරලා අක්‍රීය කරලා තියනව ද කියලා. ඉදිරි දින තුළ කරුණාකරලා ඉවසීමෙන් කටයුතු කරන්න.  මේ ප්‍රශ්නය විසඳීම  තවත් ප්‍රමාද කරන්වද නැද්ද  කියන තීන්දුව තිබෙන්නෙ ඔබේ  අතේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තෙල් එනව ද නැද්ද දැනගන්න “ෆෝන් ආන්සර්“ කරපියව්!… “ෂෙඩ්“ ලඟ රැය පහන් කරන ජනතාව තෙල් ලොක්කන්ට කියති!

Next Post

සී.අයි.ඩී. ය පොලිස්පතිගෙන් කටඋත්තර ගැනීම අරඹයි.!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.