මැයි 09 වැනිදා ගාලුමුවදොර සහ කොල්ලුපිටිය සාමකාමී උද්ඝෝෂකයින්ට පහර දීමෙන් ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් රහස් පොලිසිය මේ වන විට පොලිස්පති චන්දන වික්රමරත්නගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටී.
අමාත්‍ය රමේෂ් පතිරණ මේ සතිය මුලදී පාර්ලිමේන්තුවේදී කතා කරමින් ගාලු මුවදොර ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වගකිවයුතු ආකාරය පිළිබඳව දැඩි චෝදනාවක් එල්ල කළේය. ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායකත් එම චෝදනාව පොලිස්පතිට එල්ල කළේය.
මැයි 09 වැනි දින සාමකාමී රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැර පිරිස් විසින් එල්ල කරන ලද ප්‍රහාර නැවැත්වීමට පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයා හිතාමතාම පැහැර හැරිය බවට වූ චෝදනාව මත පදනම්ව පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම සිදුකර තිබේ.
මෙම චෝදනාව පොලිස්පතිවරයාට සහ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයාට එල්ල කිරීමට මුල් වන්නේ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් මානව හිමිකම් කොමිසට ලබා දුන් කට උත්තරය සහ ඔහු විසින් ජනාධිපතිවරයාට කරන ලද බව කියන ප්රකාශයන්ය.