මනම්පිටිය නිමල් ජයරත්න –
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොලොන්නරුව ඉඩමක ගැබ්බර කෙණෙරකට වෙඩි තබා ඝාතනය කර තිබේ.
මෙම සාහසික අපරාධය සම්බන්ධයෙන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ පොලොන්නරුව කාර්යාලයේ මහ ටැක්ටර් රියදුරෙකු සහ මුරකරුත් අපරාධය කළ තුවක්කුවත් පොලොන්නරුව වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 36 සහ 39 වයසේ පසුවන පුද්ගලයින්ය.
පොලොන්නරුව වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ප්‍රදීප් හෙට්ටිආරච්චි පැවසුවේ කෙණෙර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ගිරිතලේ වනජීවී කාර්යාලයේ පශු වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් සිදුකළ බවය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ටැක්ටර් රථයෙන් පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩමට යමින් සිටියදී එම ඇතින්න පහර දීමට පැමිණි බවත්, එහිදී තම දිවිබේරා ගැනීම සඳහා ඇතින්නට වෙඩි තැබූ බවත් ප්‍රශ්න කිරීමේ දී සැක්කරුවන් වනජීවී නිලධාරීන් වෙත ප්‍රකාශ කොට ඇත.
ජලගැලුම් ගැලුම් ජාතික වනෝද්‍යානයේ සැරිසරන වන අලින් නිරන්තරවම පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩමට පැමිණෙන බවත්, එහිදී මෙම සැකකරුවන් දෙදෙනා ඇතින්නට වෙඩි තබා ඒ අසලට ටැක්ටර් පෙරළා ටැක්ටරයට පහර දුන් බවට ඒත්තු ගැන්වීමට උත්සාහ දරනවාද යන්න පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වනජීවී නිලධාරීන් සඳහන් කරයි.
පොලොන්නරුව වනජීවී අඩවි ආරක්ෂක ප්‍රදීප් හෙට්ටිආරච්චි, අඩවි සහකාර ගයාන් නිලන්ත, රුවන් ප්‍රියදර්ශන, ආර්.ආර්. ශාන්ත එන්. බී. ඒ, එස්. නාලක. ඩී.එම්.ආර්. සේනාරත්න යන අඩවි සහකාරවරුන් සහ ක්ෂේත්‍ර සහකාරවරුන් විසින් මේ පිළිබඳ විමර්ශනය පවත්වාගෙන යයි.







