ශ්‍රියානි විජේසිංහ –
ක්ෂය රෝගීන් 14000ක් සමාජය තුළ සිටිය යුතු බව ලෝක සෞඛය සංවිධානය ඇස්තමේන්තු ගත කර ඇතත් මේ වන විට සොයා ගැනීමට හැකි ඇත්තේ රෝගීන් 8000ක් පමණක් යැයිද ඉතිරි 6000ක් පමණ දෙනා සමාජ තුළ සිටිමින් තවත් බොහෝ දෙනෙකුට රෝගය බෝකරමින් සිටින්නේ යැයි ද ක්ෂය රෝග සහ ළය රෝග පිලිබඳ වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඔනාලි රාජපක්ෂ පැවසුවාය.
ඇය පවසන්නේ මේ තත්ත්වය අතිශයින්ම භයානක බවය. පුරෝකථනයන්ට අනුව එක් ක්ෂය රෝගියෙක් වසරකට නිරෝගි පුද්ගලයින් 10 -15 දෙනෙකුට රෝග කාරක විසබිජය අසාදනය කරන බව විශේෂඥ වෛද්‍යවරයි කිවාය.
වාර්තා වන ක්ෂයරෝගීන්ගේ සියයට 40 – 45 අතර ප්‍රතිශතයක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එයිනුත් වාර්තා වන රෝගීන්ගෙන් හරි අඩක්ම වාර්තා වනුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් යැයිද ඇය පෙන්වා දුන්නාය.
බෝවන රෝගවලින් ශ්‍රී ලංකාවේ වසරකට වැඩිම ප්‍රමාණය මිය යනුයේ ක්ෂරෝග හේතුවෙන් යැයිද වාර්ෂිකව වාර්තාවන සෑම ක්ෂයෙරෝගීන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු මේ අනුව මරණය පත්වෙන බවද විශේඥවරිය සඳහන් කළාය.
මොවුන මෙසේ මරණයට පත්වීමට සිදුව ඇත්තේ නිසි කළට ප්‍රතිකාර නෙැලැබීම හේතුවෙන් යැයිද වාර්තා වි ඇත.
ඔිනෑම වයසක පුද්ගලයෙකුට ක්ෂය රෝගය වැළදිය හැකි බවත් හදුනාගන්නා රෝගීන් 100 ක් අතර ළමා රෝගීන් 5 -6 සිටින බවත් ඇය පෙන්වා දුන්නාය.







