පොලිසිය විසින් ඊයේ (19) රඹුක්කන දී වෙඩි තබා සිදුකළ පුද්ගල ඝාතන සිද්ධිය සඳහා අණ දී ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න නැමැති නිලධාරියා බවත් ඔහුට ඒ සඳහා උපදෙස් දී ඇත්තේ නුවර දිස්ත්‍රික්කයේ නව ප්‍රවාහන ඇමතිවරයා බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර අද පාර්ලිමේන්තුවේ දී හෙළි කළේය.
Police were firing at the people who were running away. This is clearly a human rights violation. Strict legal actions need to be taken against the officers who are responsible.#lka #SriLanka #HumanRights #policebrutality #Police #law #justice pic.twitter.com/hJEBvbkTSf
— Prasad Welikumbura (@Welikumbura) April 19, 2022
මෙම කීර්ති රත්න නැමැත්තා අතිරේක අප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පොලිස් සේවයට බැඳුන අයෙක් බව කී මන්ත්‍රීවරයා ඔහු අගමැතිවරයාගේ කිට්ටුම ආරක්ෂකයා වන මේජර් නෙවිල්ගේ ලඟම ඥාතියෙක් බව කිවේය.
බවුසරය ගිනි තැබීමට උත්සාහ කළ බව කියා මෙම පුද්ගල ඝාතනය සිදුකර ඇත්තේ අතුරු පාරක දී බවත්, එම ඝාතන සිද්ධිය වීඩියෝගත කළ පුද්ගලයා පොලිස් ජිප් රථයට රැගෙන ගොස් ඔහුගේ ජංගම දුරකථනය පොලිස් භාරයට ගෙන ඇති බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.
“මේ සිද්ධිය ඇතිවුනු වෙලාවෙදි එස්.එස්.පී කීර්තිරත්න හොඳටම බීමතින් සිටි බව ආරංචියි.“
“ඔහුගේ විස්තර කියන්නම්. ආර්.එස්.අයි කෙනෙක් ලෙස පොලිසියට බැඳුනු කෙනෙක්. ගම අම්බලන්තොට. මේජර් නෙවිල්ගෙ ලඟම ඥාතියෙක්. ඔවුන් මේ ඝානය කළ අමුණ පැහැදිලියි. ඔහු ජීවත්වන පාලාතෙ කණක හේරත්ට දේශපාලනය කරන්න අභියෝගයක් වූ චරිතයක් තමයි මෙය පසුපස ඉන්නෙ“.
“එතන බවුසරයක් ගිනි තියන්න කවුරුත් උත්සාහ කළේ නෑ. වෙඩි වැදුණු තැන මේ වනවිටත් වීඩියෝ දර්ශනවලින් පැහැදිලියි.“
“දුම්රිය මාර්ගය හරස් කරගෙන විරෝදතාවය දක්වන උද්ඝෝෂකයින් ලඟදි එස්.එස්.පී කීර්තිරත්න කතා කරනවා නුවර ඇමති කෙනෙකුට. ඔහු අලුත් ප්‍රවාහන ඇමති තුමා. රේල් පාර ක්ලියර් කරගන්න මොනවා හරි කරන්න කියනවා කියලා ඔහු පොලිස් නිලධාරියට කියනවා. සර් මං ගැන බලා ගන්නවා නම් මම වැඩේ කරන්නම් යැයි කීර්ති රත්න ඒ වෙලාවෙදි කිව්වා කියලා ආරංචියි. එහෙම කියලා ඔහු වෙඩි තබන්න අණ කරලා තියනවා.“
“මේ පටන් ගත්තේ නිරායුධ සාමකාමී අරගලයක්. මෙම අරගලය මැර බලය නොව, කවි ලියන සිංදු කියන ගිටාර් ගහන තරුණයන්ගේ අරගලයක්. එය ප්‍රචණ්ඩත්වයට ගෙනියන්න ඉතාම සැලසුම් සහගතව කටයුතු කරනවා“.
“ගාල්ල උද්ඝෝෂණයට කොළඹින් ගෙනියනවා. ජනතාව මැදට ඔවුන් ඇතුළු කරලා ප්‍රචණ්ඩ තත්වයක් ඇති කරන්න ආණ්ඩුව උත්සාහ කරන්නෙ. “







