කීර්ති ප්‍රනාන්දු –
රඹුක්කන නගරයේ දී ඊයේ (18 )පැවති විරෝධතාවක් අතරතුර සිදුකළ වෙඩි තැබීම ඇතුළු සිද්ධියට අදාළ විමර්ශන සඳහා පොලිස්පතිවරයා සහ තවත් පොලිස් නිලධාරීන් කණ්ඩායමකට එළඹෙන 24 වෙනි දින පෙරවරු 11 ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස එම කොමිෂන් සභාව නිවේදනයක් මගින් දන්වා තිබේ .
අදාල පරීක්ෂණය සඳහා අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක්, නීති නිලධාරියෙක් සහ මානව හිමිකම් නිලධාරියෙක් ඇතුළත් විශේෂ කණ්ඩායමක් මේ වනවිටත් රඹුක්කන ප්‍රදේශය වෙත පිටත්කර යවා ඇතැයි කොමිෂන් සභාව කියයි.
මෙම විරෝධතාවය පාලනය කිරීම සඳහා වෙඩි තැබීමට නියෝග ලබා දුන්නේ කවුද, කුමණ පසුබිමක් තුළ ද, ඒ සඳහා ජීව උණ්ඩ යොදා ගත්තේ ද යන්න පරීක්ෂා කරන බව එම කොමිෂන් සභාව තවදුරටත් දන්වයි.
රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය මෙසේය.







