කීර්ති ප්‍රනාන්දු –
සේවක පිරිස් සේවයට කැඳවීමේ දී ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් සැපයීම, පොදු ප්‍රවාහන සේවාවල ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යෑම, නිවසේ සිට සේවය කිරීම දිරිමත් කරමින් අවම සේවක සංඛ්‍යාවක් සේවයට කැඳවීම ඇතුලු නිර්දේශ රැසක් සමගින් රට ක්‍රමිකව විවෘත කිරිමට සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා හෙට (01) සිට ඉදිරිපත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිකුත් වී තිබේ.
එම නිර්දේශ අනුව සේවක පිරිස් සේවය සඳහා කැඳවීමේ දී ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් සැපයීම අවධාරණය කර ඇති අතර පොදු ප්‍රවාහන සේවයේ දී මගීන් ගෙන යා හැක්කේ ආසන ධාරිතාවට පමණක් බවත්, පොදු ප්‍රවාහනය සඳහා කිසිම වායු සමනය කළ වාහනයක් භාවිත කළ නොහැකි බවත්, දන්වා තිබේ.
ආයතනයට පැමිණෙන සේවකයින් ගණන සැමවිටම සීමා කළ යුතු බවත් නිවසේ සිට රාජකාරි කිරීම දිරිමත් කළ යුතු බවත් නිරදේශ කර ඇත.
ඒ අනුව කිසිම මහජන රැස්වීමකට අවසර නැත. අත්‍යාවශ්‍ය ක්‍රියාකාරකම් සඳහා හැර අන්තර් පළාත් සංචරණ සීමා දිගටම ක්‍රියාත්මකය.
අත්‍යාවශ්‍ය නොවන කිසිම ගමනාගමනයක් සඳහා රාත්‍රී 10 සිට පාන්දර 4 දක්වා ඉඩ නැත.
නිර්දේශිත කණ්ඩායම් සඳහා 100%ක් එන්නත්කරණයේ ආවරණය ලබා ගැනීම දිරිමත් කළ යුතු බවට නිර්දේශිතය.
ලබා දී ඇති නිර්දේශයන්ට අනුකූලව කටයුතු කරනවාද නැද්ද යන්න සොයා බැලීම සඳහා නියාමන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා නිර්දේශ කර තිබේ.
එම සම්පූර්ණ මාර්ගෝපදේශය පහත දැක්වේ.








