නිරිතදිග චීනයට මේවන විට බලපා ඇති දරුණු නියඟය හේතුවෙන් ගෝලීය ආර්ථිකයට දරා ගැනීමට නොහැකි අහිතකර බලපෑමක් එල්ලවිය හැකි බව විශේසඥයින් පෙන්වා දෙයි.
ඒ් අනුව මේවනට සමාගම් වලට තමන් විමෝචනය කරනු ලබන කාබන් පදනම් කරගෙන අයුකරනු ලබන කාබන් බදු හේතුවෙන්ද නිෂ්පාදන වලට ප්‍රවාහන පිරිවැය සහ මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාමට හැකියාව පවතින බවද වෙළෙඳ පොළ ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙම නියං තත්ත්වයට අතිරේකව පසුගිය තෙවසරක කාලය තුලදී දිගිං දිගටම චීනයේ නීෂ්පාදන කටයුතු අඩාල වූ අතර එරට මොටර් රථ, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ අනෙකුත් භාණ්ඩ නිෂ්පාදන ඇණ හිටී ජාත්‍යන්තර සැපයුම් දාමය අඩපන කිරීමට හේතවී ඇත බව සන්ඩේ මොනින් හැරල්ඩ් වාරතා කර තිබිණි.
මේ අතර භාණ්ඩ මුහුදු සහ ගුවන් මඟින් ප්‍රවාහනය යන ක්‍රම දෙකම මේවන විට දේශගුණික විපර්යාස සඳහා දායක වන වායූන් ප්‍රධාන නිෂ්පාදනය කිරීමට සමත්ව ඇත. එමෙන්ම ගෝලීය කාබන් විමෝචනයෙන් සියයට 5 ක් පමණ ප්‍රවාහනය සදහා වැයකරන ඉන්ධන හේතුවේ.
ඒ් අනුව මේවන විට චීන සමාගම් විසින් මේවන විට කඩිනමින්පපිරිසිදු ඉන්ධන ප්‍රභවයන් සොයා ගැනීමට උත්සාහ කරයි, නමුත් එ් සඳහා මෙම ව්‍යපාර වලට විශාල අයෝජනයන් කිරීමටද සිදුව ඇති අතර එය ද ගොලීය සැපයුම් දාමයේ පිරිවැය ඉහළ දැමීමට හේතුවී තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් චීන අර්ථිකය ඉදිරියේදී දැඩි කඩා වැටීමටකටද ලක්විය හැකි අතර මේවන විටත් රට දේපල වෙළෙදාම් ක්ෂේත්‍රය දරුණු කඩා වැටීමටක ලක්ව ඇති අතර බැංකු පද්ධතිය තුල යම් කඩා වැටීමක් වාර්තවේ.
ඒ් අනුව ඉදිරියේදී චීනයට සිය ආර්ථික බලවත් බව ලෝකයට බලපෑම් කිරීමට යොදා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැඩි අවිනිෂ්චිත තාවයක් නිර්මාණය වී ඇත.







