පවුල් ආරවුලක් දුරදිග යාම නිසා තරුණ පුද්ගලයෙක් තම මාමණ්ඩිය සහ ඥාති පුත්‍රයකු උදැල්ලෙන් කොටා මරා දමා ඇතැයි ගල්ගමුව පොලිසිය පවසයි.
ඊයෙ (20) පස්වරු 4:30 ට පමණ ගල්ගමුව ට්‍රැක් 5 කරුවලගස්වැව ග්‍රාමයේ දී මෙම මිනී මැරුම් සිදු ව තිබේ.
මෙම සිදුවීමෙන් 69 හැවිරිදි ආර් පී කරුණාරත්න සහ 18 හැවිරිදි එල්පී තරිඳු ලක්ෂාන් යන අය එම ස්ථානයේදීම මිය ගොස් ඇත..
දීර්ඝ කාලයක් පවතින පවුල් ආරවුලක් නිසා විවිධ අවස්ථාවල මෙම පිරිස් අතර ගැටුම් ඇති වී තිබෙන බව එම ඥාතීහු පවසති.
මිනීමැරුම සිදු කළ පුද්ගලයා ඊයේ (20) රාත්‍රියේ දී ම ගල්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගල්ගමුව පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.







