ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අගෝස්තු මාසයේ උද්ධමනය වාර්තාගත ලෙස සියයට 70 සීමාව ඉක්මවා ඇති අතර ආහාර උද්ධමනය සියයට 84.6 දක්වා ඉතා ඉහළ අගයක පවතින බවට වාර්තා කරයි.
ශ්‍රි ලංකාවේ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්ව සකස් කෙරෙන මෙම උද්ධමනය පසුගිය ජූලි මාසයේදී සියයට 66.7ක් වූ අතර එය සියයට 70.2ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආහාර උද්ධමනය ජූලි මාසයේ දී සියයට 82.5ක් වූ අතර සියයට 84.6ක් දක්වා ඉහළ ගොස් ඇත.
මීට අමතරව ආහාර නොවන භාණ්ඩ මත සැලකෙන උද්ධමනය ජූලි මාසයේ දී සියයට 52.4ක් වූ අතර එය අගෝස්තු මාසයේදී සියයට 57.1ක බවට පත්ව ඇත. එමෙන්ම නිවාස කුලිය, ජලය, විදුලිය, ගෑස් සහ ඉන්ධනවලට අදාළව ඇගයෙන උද්ධමනය ජූලි මාසයේ සියයට 22.9 සිට 32.1ක් දක්වා සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇත.
ප්‍රවාහනය ට සම්බන්ධ උද්ධමනය වාර්තාගත ලෙස සියයට 117.1ක් දක්වා ඉහළට ගිය අතර එය අගොස්තු මාසයේ සියට 113.1ක් දක්වා පහළ පැමිණ තිබේ.