ඇමරිකා එක්සත් ජනපදය ප්රමුඛ බටහිර රාජ්‍යන්ගේ ආර්ථික සම්බාධක නොතකා නව දිල්ලිය සහ මොස්කව් අතර ආර්ථික සහ ආරක්ෂක සම්බන්ධතා අඛණ්ඩය ගෙන යන බව යලිත් තහවුරු කරමින් රුසියාව විසින් එරට සතු නවීනතම භූමියේ සිට ගුවනට එල්ල කළ හැකි ඒස් 400 දිගු දුර ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතිය ඉන්දියාවට ලබා දී ඇත.
ඒ් අනුව මීට පෙර රුසියාව විසින් ඒකඟවූ කාලයේදීම අදාල ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතිය ඉන්දියාවට ලබාදීම විශාල ජාත්‍යන්තර අවධානයක් දිනා ගැනීමට සමත්ව තිබේ. මෙම මිසයිල පද්ධතයි විසින් ඉන්දීය ගුවන් ආරක්ෂණ තත්ත්වය විශාල වශයෙන් ඉහළ යනු ඇති බවට ආරක්ෂක විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
අදාල නවතම මිසයිල් ආරක්ෂණ පද්ධතිය ලබා දීම සම්බන්ධයෙන් ඉන්දියාව රුසියානු තානාපති ඩෙනිස් අලිපොව් පෙන්වා දී ඇත්තේ මෙම නව තම මිසයිල පද්ධතිය දෙරටේ ඉදිරි ගමනට විශාල ශක්තියක් වනු ඇති බවයි.
“ඇමරිකානු බලපෑම් විශාල වශයෙන් පැමිණියද ඒ් සියල්ල නොතකා ඉන්දියාව තම ජාතික අවශ්‍යතා කෙරෙහි නොසැලී අවදානය යොමුකරමින් සිනවා. විශේෂයෙන් රටේ ආරක්ෂක හැකියාවන් ගොඩනැගීමට සිදු කළ හැකි කාර්යන් සම්බන්ධයෙන් ඉතා විශාල අවධානයක් යොමුකර තිබෙනවා. එබැවින් අන්තර් රාජ්‍ය ගිවිසුම්, විශේෂයෙන් මෙම ඒස්-400 මිසයිල පද්ධතිය සැපයීම එය හොදින් පැහැදිලි වෙනවා,” යනුවෙන් ඔහු පැවසීය.
රුසියාව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මෙම මිසයිලය පද්ධතියෙන් පළමු ඒ්කකය ඉන්දියාවට ලබාදීමට පියවරගෙන තිබිණි. ඒ් අනුව මෙම මිසයිල පද්ධතිය දැනටමත් ඉන්දියාවේ උතුරු කොටසේ චීනය සමඟ ඇති දේශසීමාවේ කොටස් මෙන්ම පකිස්ථානය සමඟ ඇති දේශසීමා ආවරණය කළ හැකි ආකාරයෙන් යොදවා ඇත.
2018 ඔක්තෝම්බර් මාසයේදී, එස-400 ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති ඒකක පහක් මිලදී ගැනීම සඳහා ඉන්දියාව රුසියාව සමඟ ඇමරිකානු ඩොලර බිලියන 5 ක ගිවිසුමක් අත්සන් කර ඇත. ඒ් අනුව ඒම ගිවිසුම සමඟ ඉදිරියට යාමට දෙරටම තීරණය කර ඇති අතර එය එක්සත් ජනපදය පනවා ඇති සම්බධාක භාදවක් කර නොගැනීමද සුවිශේෂීය.