(News 1st) – ගාලුමුවදොර පිටියේ නිදහස් දින පෙරහුරුවල නිරතව සිටි පැරෂුට් 2ක් එකට ගැටී හදිසි ගොඩබෑමක් සිදුව තිබේ.
හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් රසික කුමාර පැවසුවේ, එහිදී හමුදා සාමාජිකයින් දෙදෙනෙකු අසළ ගොඩනැගිල්ලකට හදිසි ගොඩබෑමක් කර ඇති අතර තවත් සාමාජිකයෙක් ගාලුමුවදොර පිටිය ආසන්නට හදිසි ගොඩබෑම සිදුකර ඇති බවයි.
සිද්ධියෙන් පසු හමුදා සාමාජිකයින් තුන්දෙනෙකු රෝහල් ගතකර ඇති අතර එක් අයෙකු යුද හමුදා රෝහලට ඇතුළත් කර ඇති බව හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් රසික කුමාර පැවසීය.
දෙදෙනෙකු ඇතුළත් කර ඇත්තේ, කොළඹ ජාතික රෝහලටයි.







