නැදුන්ගමුවේ හස්ථි රාජයා ජාතික වස්තුවක් ලෙස නම් කර සිරුර සංරක්ෂණය කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් උපදෙස් ලබා දී තිබේ.
ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කර ප්‍රකාශ කර ඇත්තේ බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධනවෙත ඊට අදාල උපදෙස් ජනාධිපතිවරයා විසින් ලබා දුන් බවය.
මේ වනවිට ජාතික කෞතුකාගාරයේ කණ්ඩායමක් හස්තිරාජයා සිටි ගම්පහ වැලිවේරිය ප්‍රදේශයට ගොස් ඇත.
ඒ අනුව හස්ථියාගේ සිරුර ඡේදනය කර හම ගලවා ඇතුළත පුරවා හස්ථි ආකෘතිය නිර්මාණය කරනු ඇත.
මින් පෙර ජාතික වස්තුවක් ලෙස නම් කෙරුණු දළදා මාළිගාවේ රාජා හස්ථියාගේ සිරුරු සංරක්ෂණය කර දළදා මාළිගා කෞතුකාරයේ තැන්පත් කර තිබේ.
1988 ජූලි මස 16 වැනි දින මිය ගිය රාජා ජාතික කෞතුකාගාරයේ ශිල්පීන් විසින් සංරක්ෂණය කරනු ලැබුවේය.







