අද ( 07) සිට මාර්තු 31 දක්වා සියලුම වීදි ලාම්පු අක්‍රීය කරන ලෙස පොහොට්ටුවේ සියලුම පළාත් පාලන ආයතනවල ප්‍රධානීන්ට එම පක්ෂයේ නිර්මාතෘ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ලිඛිතව දන්වා තිබේ.
වැසි රහිත තත්වය හේතුවෙන් මේ වනවිට ජල විදුලි බලාගාර සපුරා අක්‍රීය වී ඇති බවත්, සියයට 30ක් වූ එම ධාරිතා අඩුව පිරවීම සඳහා ඉන්ධන බලාගාරවලින් නිපදවන ඒකකයක් වෙනුවෙන් දැරිය යුතු දැවැන්ත නිශ්පාදන පිරිවැයත්, ඉන්ධන ලබා ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් සංචිත ඉතාම සීමා සහිත මට්ටමක පැවතීමත් හේතුවෙන් රට පත්ව ඇති සංකීර්ණ තත්වය සලකා බලා ජාතික යුතුකමක් සේ සලකා මෙම තීන්දුව ක්‍රියාත්මක කරන ලෙස ඔහු සිය ලිපියේ දන්වා ඇත.
විදුලිය අරපිරිමැස්ම සඳහා දෛනික ජීවිතයේ ක්‍රියාත්මක කළ හැකි විකල්ප වේ නම් ඒවා ක්‍රියාවට නන්වන ලෙස ද ඇමතිවරයා විසින් දන්වා ඇත.