සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාමල්සර්ගේ බෙලිඅත්ත කසිප්පු OIC දේශපාලන බලයෙන් මොනරාගලට මාරු කළ සැරයන් වරයා මානව හිමිකම් යයි

by editor
නොවැම්බර් 1, 2022
in පුවත්
Police-Officer
Share on FacebookShare on Twitter

බෙලිඅත්තේ හොර අරක්කු ඇල්ලීම නිසා  බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයාගේ උදහසට ලක් වී ඔහුගේ  දේශපාලන සම්බන්ධතා හරහා  මොනරාගලට මාරු කර යැවූ බෙලිඅත්ත පොලිස් ස්ථානයේ සේවය කළ  පොලිස් සැරයන්වරයා ඊයේ (31) මානව හිමිකම් කොමිසමට ගොස් සිය අවනඩුව  සම්බන්ධව  පැමිණිල්ලක් ගොනු කර තිබේ.

වහාම ක්‍රියාත්මකවන පරිදි පැමිණි ස්ථාන මාරුව…

ඇඹිලිපිටිය පොලිසියේ සේවය කරමින් සිටිය දී බෙලිඅත්ත පොලිස්ථානය වෙත අනුයුක්තක කර සිටියදී  මෙම වැටලීම සිදුකළ බෙලිඅත්ත පොලිසියේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති ධූරය දරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා   ද යළි ඇඹිලිපිටිය පොලිසිය වෙත ස්ථීරව මාරු කර යැවීමටත් බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සිය දේශපාලන බලය යොදාගෙන කටයුතු කර ඇතැයි වාර්තා වේ.

පොලිස්පතිවරයාත් හෑල්ලු කරමින්,  පොලිස් දෙපාර්තමේන්තුවේම ගෞරවය, විශ්වාසය,   තුට්ටුවට දැමූ ඔහුගේ අශ්ලීල හඬපටය සම්බන්ධව  විමර්ශනයක් කිරීමට දකුණුපළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ  නියමයෙන් පත් කළ තංගල්ල සහකාර පොලිස් අධිකාරීවරයාට ද ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස දන්වමින්  දේශපාලන අධිකාරියේ එක් ඉහළ පාර්ශවයකින් බලපෑම් සිදුවෙමින් ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

එම හඬපටයට අනුව  බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයා   පවසන්නේ නාමල් සර්ගේ සහ අගමැති (හිටපු ) ගේ අනුමැතිය මත තමන් බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපති ධූරයට පත් වූ බවත් තමන්ට කිසිවෙකුට කිසිවක් කළ නොහැකි බවත්ය.

බෙලිඅත්තේ හොර අරක්කු අල්ලන්නේ නැති බවත්, බෙලිඅත්තට පැමිණියා නම් බෙලිඅත්තේ ලෙස සිටින ලෙසත් නැතිනම් රට වටේ යන්නට සූදානම්වන ලෙසත්  ඔහු සැරයන්වරයාට තර්ජනය කරයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

තමන්ට සිදුවුන අවනඩුව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමටගොස් සිය පැමිණිල්ල සටහන් කළ බෙලිඅත්ත පොලිසියේ  පොලිස් සැරයන් මහමුදියන්සේලාගේ දයාසිරි මුණසිංහ සිය පැමිණිල්ලේ සටහන් කර ඇති තොරතුරු ඔස්සේ  පොලිස් දෙපාර්තමේන්තුවේ ජඩ නිරුවත හෙළිදරව්  වේ.

ඔහු මානව හිමිකම් කොමිසමට දන්වා ඇති පරිදි  තංගල්ල පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂක රංගජීවගේ අධීක්ෂණය යටතේ     ,කොස්තාපල්වරයෙක් සහ පොලිස් රියදුරෙක් සමග ඔහු  මෙම මත්ද්‍රව්‍ය වැටලීම් සඳහාවූ මෙහෙයුමට සම්බන්ධ වන්නේ  පොලිස්පති නියමයෙන් ලැබුණු නියෝගයක් ප්‍රකාරවය.

උදේ හතට එම මෙහෙයුම ආරම්භ වී තිබේ. ඉන්ධන ගැටලුව  හේතුවෙන්  මෙහෙයුමට  යතුරුපැදි  දෙකක් යොදාගෙන ඇත.  කසිප්පු, හොර අරක්කු සහ දඩමස් විකිණීම සම්බන්ධව ලැබුණු තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇත්තේ   අංක 30, සිරිපුර, මිරිස්වත්ත, ගොඩකුඹුර, ලිපිනයේ  පදිංචි  ජයසුන්දර සුනන්ද කුමාර නැමැති පුද්ගලයෙකුගේ ගුබ්බෑයමය.

වැටලීම සඳහා ගිය යතුරු පැදි දෙකෙන් එකක නිල ඇඳුම සහිතව ප්‍රධාන පොලිස් පරීක්ෂ රංගජීව ගොස් ඇත. අනෙක් යතුරුපැදියේ සිවිල් ඇඳුමින් සිටි පොලිස් සැරයන් මුණසිංහ සහ කොස්තාපල්වරයෙක් ගොස් තිබේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ මෙහෙයවීම මත හොර අරක්කු ඇල්ලීම සඳහා සිවිල් ඇඳුමින් සිටි සැරයන්වරයා සහ කොස්තාපල්වරයා     යොදවා තිබේ.

වැටලීම කර අදාල සැකකරු   දඩමස් උර පහලොවක් සහ අනීතික ලෙස විකිණූ අරක්කු බෝතල් 4ක්  සමග අත්අඩංගුවට ගෙන ඒ සම්බන්ධව නිල ඇඳුමින් මග රැඳි සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට දන්වන අතරතුර බෙලිඅත්ත පොලිස්  ස්ථානාධිපතිවරයා මෙහෙයුමට සම්බන්ධ වූ පොලිස් කොස්තාපල්වරයාට කතා කර වහාම මේ මෙහෙයුම අත්හිටුවා පැමිණෙන ලෙස නියෝග කර ඇත.

ඒ සම්බන්ධව මෙහෙයුමේ වගකීම දරන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංගජීවට දැන්වූ විට ඔහු පවසා ඇත්තේ  පොලිස් ස්ථානාධිපතිවරයා සමග අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගැනීම නුසුදුසු බැවින් මෙහෙයුම අත්හිටුවා ආපසු යන්නට සූදානම් වන ලෙසය.

ඒ අනුව මෙහෙයුම අත්හැර යළි පොලිස් ස්ථානයට පැමිණ දිවා ආහාරය සඳහා භෝජනාගාරයට යන පොලිස් සැරයන්වරයාට තමන් මෙහෙයුම කළ හොර අරක්කු කාරයා පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල නිවස අසල දී හමුවී තිබේ.

ඔහු උර දෙකක් රැගෙන පැමිණ ඇති අතර එම උර දෙක පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල නිවසේ අරක්කැමියා ලෙස කටයුතු කරන සිවිල් ආරක්ෂක භටයා විසින් රැගෙන ගොස් ඇති අයුරු ඔහු නිරීක්ෂණය කර ඇත.

මේ හොර අරක්කු සහ දඩමස් වැටලීමේ සිද්ධිය මුල් කරගෙන මෙම පොලිස් සැරයන්වරයාගේ ආත්ම ගෞරවයට හානි වන අයුරින් තර්ජනය කර බැණ වදින අවස්ථාවේ පටිගත වුන හඬපටය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සිය දේශපාලන බලය යොදා ගනිමින් සිදුකළ අනීතික හැසිරීම සම්බන්ධව  මේ වනවිට මානව හිමිකම් කොමිසමේ ලියවී ඇත.

අවශ්‍ය වුවහොත් මූලික අයිතාවාසිකම් කඩවීම සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ගයක් තෙක් මෙම සිද්ධිය රැගෙන   යෑමට වින්දිත නිලධාරීහු සූදානමින් සිටිති.

සිද්ධිය සම්බන්ධව මේ වනවිට පොලිස් මූලස්ථානයත්,  දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයාත්, තංගල්ල පොලිස් අධිකාරීවරයා  සහ සහකාර පොලිස් අධිකාරීවරයාත් දැනුම්වත් වී  ඇතැයි වාර්තා වේ.

බෙලිඅත්ත කසිප්පු ඕඅයිසී ගේ හඬ පටය…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලේ බැංකුවේ ලේ හිඳෙන ලකුණු… රුධිරය එකතු කරන එක්  Quadruple ශල්‍ය ඇසුරුමක්වත් නෑ…

Next Post

වික්ටෝරියා… ඇය පෑ අසිරිය!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.