කදුකරයට ඇද ඇලෙන මහ වැසි හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ වාන් දොරට දෙකක් අද අලුයම විවෘත කෙරිණි.
එම ජලාශය වාන් මට්ටමට ළගාවී තිබුණු අතර අධික වර්ෂාව සහ නිරන්තරයෙන් පොල්ගොල්ල ජලාශය වාන් දැමීම නිසා වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය දොරටු දෙකක් අලුයම 04ට පමණ විවෘත වූයේය.
කියුබික් ඝන මීටර් මිලියන 722ක උපරිම ජල ධාරිතාවයෙන් යුතු එම ජලාශයේ විවෘත වූ දොරටු දෙකින් තත්ත්පයට ඝන මීටර් 160ක ජල ධාරිතාවයක් රන්දෙණිගල ජලාශය වෙත මුදා හැරෙන බව කාර්යයභාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය පැවසීය.
පැය හතරක පමණ කාලයකින් අනතුරුව ස්වයංක්‍රීය දොරටු වැසී ගිය බව ද ඔහු ප්‍රකාශ කළේය.
කඳුකරයට ඇද හැලෙන මහ වැසි නිසා රන්දෙණිගල ජලාශයේ ජල ධාරිතාව සියයට අසූවක් දක්වා මේ වන විට ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සඳහන් කරයි.







