-
මිත්‍යා විශ්වාසවල කරවටක් එල්ලී සිටි ව්‍යාපාරිකයාට පසුම්බියේ සිටි නාගයෙක් පෙන්නා ඒ ඔහුගේ මියගිය තාත්තා බව කියලා…
-
නිවසේ මුදල් තබා ගැනීම අපල නිසා ආයෝජනය කරන්නැයි දන්වා එම කෝටි 75ක් ඉල්ලගෙන රත්තරන් පොලු කීපයක් ව්‍යාපාරිකයට දීලා…
-
රත්තරන් පොලු රන් ආලේප කර පිත්තල කෑලි… සල්ලිත් නෑ… රත්තරනුත් නෑ… ව්‍යාපාරිකයා විමර්ශකයින්ට හෙලි කරයි…
රුපියල් බිලියන ගණනක මූල්‍ය වංචා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිලිණි ප්‍රියමාලි නැමැති කාන්තාව කොළඹ 07 පදිංචි ආචාර්ය උපාධියක්ද හිමි ධනවත් ව්‍යාපාරිකකුගෙන් කෝටි 75ක මුදලක් ලබාගෙන ඇත්තේ ඔහුට විශාල නාගයකු පෙන්වා බිය ගැන්වීමෙන් පසුව බව ඒ පිළිබඳව සිදු කළවිමර්ශනවලදී අනාවරණය වී ඇත.
මිත්‍යා විශ්වාස මත දැඩි සේ එල්බගෙන සිටින මෙම ව්‍යාපාරිකයාගේ සිතුම් පැතුම් ඉතා සූක්ෂම ලෙසින් ග්‍රහණය කර ගත් ඇය ඔහු සතුව පවතින මුදල් කූට ආකාරයෙන් ලබා ගැනීම සඳහා සිදු කර ඇති මෙම ප්‍රයෝගය විමර්ෂනවලින් අනාවරණය පරිදි මෙසේ ය.
මැලේසියාවේ පවා ව්‍යාපාර හිමි ආනයන අපනයන ව්‍යාපාරවලට සම්බන්ධ මෙම ව්‍යාපාරිකයා වෙනත් ව්‍යාපාරිකයකුගේ මාර්ගයෙන් තිලිණි ප්‍රියමාලි හඳුනාගෙන තිබේ.
ඔහු මිත්‍යා විශ්වාස වල දැඩි සේ එල්බගෙන සිටින්නෙක් බව ප්‍රියමාලිට පෙනී ගොස් ඇත. වරක් හදිසියේ ඔහු පදිංචි කොළඹ හතේ පිහිටි නිවසට ආරක්ෂකයන් ද පිරිවරා යන ප්‍රියමාලි එහිදී මෙම ව්‍යාපාරිකයා විස්මය ගන්වමින් සිය මලු තුළ බහා සිටි දැවැන්ත නාග රාජයකු පෙන්වා තිබේ.
“ මේ ඉන්නේ ඔයාගේ තාත්තා. නයෙක් වෙලා ඉපදිලා. එයාට අම්ම කියනවා ගෙදර ගොඩ ගහල සල්ලි ගොඩක් තිබෙනවා ඒක අපලයි. මේ මුදල් කොහේ හරි තියන්න කියල. ඒ වෙනුවට ආයේජනයට ගැලපෙන රත්තරන් පොලු කිහිපයක් අපි ළඟ තිබෙනවා. ඒවා තියල මුදල් ගන්නම්“ යනුවෙන් පවසා ඇත.
නාගරාජයා දැක බියපත් වූ ව්‍යපාරිකයා නිවසේ මලුවල බහා තිබූ කෝටි 75ක මුදලක් ඇය වෙත වහා ගෙනවිත් දීමට කටයුතු කර ඇත. ඒ සමඟම ප්‍රියමාලිගෙන් රත්තරන් පොලු කිහිපයක්ද ලැබී ඇති අතර තිළිණි අදාළ මුදලට සරිලන ප්රතිලාභ දෙන බව පවසා මෙම මුදල් රැගෙන ගාස් තිබේ.
සමාජයේ පිළිගන්නා ප්‍රභූන් ඇසුරු කරන කාන්තාවක ලෙස තිලිණි පෙන්වූ ප්‍රතිරූපයට රැවටුණු මෙම ව්‍යාපාරිකයා ට මුදල් වෙනුවට ඇපයට ලබා දුන් රන් පොලු රන් ආලේප කළ පිත්තල බව ඔහු දැනගෙන ඇත්තේ පසුවය.
මෙම ව්‍යාපාරිකයා මේ වනවිට සිය පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර ඇයගේ වංචාවට මේ අනුව මෙම රුපියල් කෝටි 75ද එකතු විය.







