සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නවසීලන්තයට හිමිවිය යුතුව තිබූ 2019 ලෝක කුසලානය කුමාර ධර්මසේනගේ වැරදි තීන්දුවෙන් එංගලන්තයට ගිය හැටි  Marais Erasmus, හෙළි කරයි…

by editor
අප්‍රේල් 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

2019 ලෝක කුසලාන අවසන් මහා තරගය අප කාටත් අමතක නොවන මතකයකි. ඒ තරම්  තියුනු අවසන් මහා තරගයක් නොතිබුණා නොව ඒ තරම් අභව්‍ය සිදුවීම් සහිත අවසන් මහා තරගයක් යළි කිසිදාක ඇති වෙතැයි සිතෙන්නේත් නැත.

තරගයේ   පිටියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළේ කුමාර ධර්මසේන සහ    Marais Erasmus, ය.  Marais Erasmus පෙබරවාරි මාසයේ අන්තර්ජාතික ක්‍රිකට් විනිසුරුවරයෙක් ලෙස සිදුකළ භූමිකාවෙනුත්,  මාර්තු මස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රභූ මණ්ඩලයෙනුත් විශ්‍රාම ගියේය. විශ්‍රාම ගිය Marais Erasmus දෙදිනකට පෙර මාධ්‍යයට බරපතල හෙළිදරව්වක් කලේය.

ඒ වර්ෂ 2019 ලෝක කුසලානය හිමිවිය යුතුව තිබුණේ එදා ලෝක ශූරයන් වූ එංගලන්තයට නොව නවසීලන්තයට බවය. එම වැරැද්ද සිදුවන්නේ  ඒ වනවිට ප්‍රධාන විනිසුරුව සිටි කුමාර ධර්මසේන අතින් බව  ඔහු හෙළිදරව් කර තිබුණේය.

Marais Erasmus කී කතාවට පසුබිම් වන සිද්ධිය  වී මෙසේය. තරගයේ ජයග්‍රහණය සඳහා පිතිකරණයේ නියුතු  එංගලන්ත කණ්ඩායමට ලකුණු 15ක් ලබා යුතුව තිබිණි.  නවසීලන්ත කණ්ඩායම ලෝක කුසලානයක් මුල් වරට ජයග්‍රහණය කිරීමේ අභිලාෂයෙන් පසුවිය.  අවසන් ඕවරය යවමින් සිටියේ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක Trent Boult ය.

පන්දුවට පහර දෙමින් සිටියේ  Ben Stokes ය. අනෙක් අන්තයේ  Adil Rashid  ය. Ben Stokes  ඕවරයේ මුහුණ දුන්  පළමු පන්දු දෙක නිලකුණු පන්දු විය. තුන්වැනි පන්දුවට ලකුණු 06කි. සිව් වැනි පන්දුවට  මුහුණ දෙමින් Ben Stokes  පන්දුව මිඩ් විකට් කලාපයට යොමු  කළේය.  මිඩ් විකට්හි  පන්දු රකිමින් සිටි Martin පන්දුව රැකගත්තේය. රැකගෙන කඩුල්ල වෙත යොමු කලේය. ඒ අවස්ථාවේ දී   Guptill යොමු කළ පන්දුව   කඩුලු අතර  දුවමින් සිටි Ben Stokes  ගේ පිත්තේ දැවටුනේය.   පිත්තේ දැවටී හතරේ සීමාව ඉක්මවා ගියේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඒ වනවිට එංගලන්ත පිතිකරුවන් ලකුණු දෙක්ක සඳහා පැති මාරුකරගෙන තිබිණි.  ඒ අවස්ථාවේ දි ප්‍රධාන විනිසුරු කුමාර ධර්මසේන තීරණය කළේ පිතිකරුවන් කඩුලු අතර දිවීමෙන් ලබා ගත් ලකුණු 2 සහ පන්දුව හතරේ  සීමාව ඉක්මවා යෑමෙන් ලැබුණු ලකුණු 4 සහිතව ඔවුන් ලකුණු 06ක් ලබා ගත් බවය.

ඒ තීරණයත් සමග කන්ඩායම් දෙකේම ලකුණු සම විය. සුපිරි පන්දු ඕවරයට යෑමට සිදුවිය. සුපිරි පන්දු ඕවරයේ ලකුණු ගණන ද සම විය. තරගයේ වැඩිම හයේ සහ හතරේ පහර එකතුව එල්ල කළ කණ්ඩායමට ජයග්‍රහණය ලබා දීමට තීරණය විය. එම තීරණය අනුව 2019 ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්තය විසින් දිනා ගත්තේය.

Marais Erasmus විසින් The Telegraph වෙත කළ විශේෂ හෙළිදරව්වෙන් කියැවුනේ  මේ ජයග්‍රහණය    නවසීලන්තයට නොලැබී එංගලන්තයට ලැබුනේ  විනිසුරුවරුන් අතින් සිදුවූ නිවැරදි කල නොහැකි වැරැද්දක ප්‍රතිඵළයක් ලෙස බවය.

“ ඒ මොහොතේ කුමාර ධර්මසේනට අත් වැරදීමක් සිදුවෙලා තිබුණා.    MCC නීති පොතේ 19.8 නීතිය පවසන්නේ මෙහෙමයි. මේ වගේ අවස්ථාවක පිතිකරුවන් ලකුණ සම්පූර්ණ කළ බව සැලකෙන්නේ පන්දු රකින්නාගේ අතින් පන්දුව ගිළිහෙන අවස්ථාවේ පිතිකරුවන් දෙදෙනා පැතිමාරු කරගෙන සිටියහොත්  පමණයි. නමුත් මේ පුනරූපණවලින් පැහැදිලිම පෙනුන දේ තමයි  Martin අතින් පන්දුව ගිලිහෙන විට ඔවුන් දෙවැනි ලකුණ සම්පූර්ණ කරගෙන නොසිටි බව.  ඒ කියන්නේ ලබාගෙන තිබුණ හරි ලකුණු ගණන 06 නොවෙයි. ලකුණු පහයි.”

එනම් මේ තරගයේ ලකුණු නොවන බවය. තරගය නවසීලන්තය ජයග්‍රහණය සහිතව අවසන්වන බවය.

Erasmus ද ටෙලිග්‍රාෆ් වෙත මෙසේ පැවසීය: “පසුදා උදෑසන මම උදේ ආහාරය ගැනීමට යන්න මගෙ කාමරයේ දොර විවෘත කළා. ඒ අවස්ථාවේදිම කුමාර    ඔහුගේ දොර විවර කළා. ඔහු මගෙන් මෙහෙම ඇහුවා.

, ‘අපි විශාල වැරැද්දක් කර ඇති බව ඔබ දුටුවාද?’

“ මා එය දැනගත්තේ එවිටයි.   නමුත් පිට්ටනියේ මේ මොහොතේ, අපි ලකුණු  හයක් කිව්වා, “

නවසීලන්තය සතු විය යුතුව තිබූ ලෝක කුසලානය අවාසනාවන්ත ලෙස ඔවුන්ගෙන් ගිලිහී ගියේ එසේය.      .

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලොව වැඩිම උෂ්ණත්වයකින් යුත් ස්ථාන දහය….

Next Post

අවුරුදු හතක් තිස්සේ සම්පන්ධන් විපක්ෂ නායක නිල නිවසේ…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.