පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි බාලවයස්කාර පිරිමි දරුවකුට ලිංගික අපයෝජනයක් සිදුකිරීම ඇතුළු අධිචෝදනා තුනක් යටතේ පවරා තිබූ නඩුවකින් විත්තිකාර දිවිතුරේ සුමන හිමියන් නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ නියෝග කළේය.
එම නඩුවේ පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකරු ලෙස නම්කොට තිබූ ලිංගික අපයෝජනයට ලක්වූයේ යැයි කියන සිසුවාගෙන් විත්තිය වෙනුවෙන් පෙනී සිටී ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් හීල්ලගේ නැඟූ හරස් ප්රශ්නවල දී විත්තිකාර භික්ෂුව තමන්ට එදින එවැනි ලිංගික අතවරයක් සිදුනොකළ බවත් තමා එදින කිරුළපන ප්‍රදේශයේ පිහිටි එම විහාරස්ථානයට නොගිය බවත් ඔහු ප්‍රකාශ කර තිබිණ.
අමතර පන්තියකට යන බව පවසා නිවසින් පිටත්වූ තමා පන්ති නොගොස් මිතුරන් පිරිසක් සමග වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි මුහුදු වෙරළට ගිය බවත් මව තමාව සොයා අමතර පන්තියට ගොස් එන අතරතුර අතරමඟ දී හමුවූ බවත් සැර පරුෂ කාන්තාවක් වග ඇය කරනා තරවටුවලින් බේරීම සඳහා පන්සලට ගිය බව ඇයට ප්‍රකාශ කළ බවත් එම සිසුවා විවෘත අධිකරණය හමුවේදී ප්‍රකාශ කර තිබිණි.
සාක්ෂිකාර සිසුවාගේ සාක්ෂිය අනුවම 2009 වසරේ දී එවැනි ලිංගික අපයෝජනක් සිදුනොවූ බවට ඔහු පැවසීම මෙන්ම පොලිස් පරීක්ෂණවලදී එවැනි සිද්ධියක් සිදුවූ බවට තහවුරු කිරීම සඳහා කිසිදු සාක්ෂිකයක් හෙළිදරව් වී නොමැතිවීම මෙන්ම තමා නිවැරදිකරු බවට ආරම්භයේ සිටම විත්තිකාර හිමිනම ප්‍රකාශ කිරීම කෙරෙහි අවධානය යොමු කළ විනිසුරුවරයා එම නියෝගය කළේය.







