වයස අවුරුදු 18 ට අඩු පරිශීලකයින් දෛනිකව විශාල කාලයක් TikTok වෙත ඇබ්බැහිවීම සීමා කිරීමේ අරමුණින් වයස අවුරුදු 18 ට අඩු පරිශීලකයින් සඳහා TikTok යෙදවුමේ දෛනික භාවිතය පැයකට සීමා කරන බව TikTok සමාගම පවසයි.
ඒ අනුව ඉදිරියේ දී වයස අවුරුදු 18 ට අඩු පරිශීලකයින් සඳහා දෛනික භාවිතය පැයකට සීමා වන පරිදි මෙම යාවත්කාලීන කිරීම සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
TikTok පරිශීලකයෙකු වීමට නම් අවම වශයෙන් වයස අවුරුදු 13 සම්පූර්ණ කළ යුතුව ඇති අතර නව හඳුන්වාදීම යටතේ වයස අවුරුදු 18 අඩු ඕනෑම අයෙකුට ඔවුන් දෛනිකව TikTok යෙදවුම පරිශීලනය කර ඇති කාලය සතිපතා දැනුම් දෙනු ඇත.
නව හඳුන්වාදීම ුයටතේ 18ට අඩු පරිශීලකයෙකුට ලබා දී ඇති කාලයට වඩා වැඩි කාලසීමාවක් TikTok පරීශීලනය කිරීමට අවශ්‍ය නම් මුරපදයක් ඇතුළත් කිරීමට සිදුවනු ඇත.
මේ අතර TikTok හි Family Pairing විකල්පය භාවිත කරන දරුවන්ගේ දෙමාපියන්ට තම දරුවන්ගේ TikTok භාවිතය සීමා කිරීමට ද හැකියාව පවතී.
කෙසේ වෙතත් TikTok පරිපාලනය පවසන්නේ, නව හඳුන්වාදීමෙන් පසු අවශ්‍ය නම්, ඔවුන්ට ඉන් ඉවත් වීමට හැකියාව ඇති බවත් ඒ සඳහා වන පියවර ඉදිරියේදී හඳුන්වා දෙන බවත් ය.
පර්යේෂකයින් පෙන්වා දෙන්නේ, අමෙරිකාවේ මෙන්ම එක්සත් රාජධානියේ ද වයස අවුරුදු 14 ත් 24 දක්වා වූ පිරිස් TikTok යෙදවුමට දැඩි ලෙස ඇබ්බැහිවීමක් පවතින බවයි.







