බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දළදා මාළිගාව නඩත්තුවට දිනකට ලක්ෂ 50ක් ඉපයිය යුතුයි… දියවඩන නිලමේ නිලංග දෑල කියයි!

by editor
ජනවාරි 25, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –  

ශ්‍රී දලදා මාලිගාව පවත්වාගෙන යෑම සඳහා දිනකට රුපියල් ලක්ෂ 50 ක පමණ මුදලක් උත්පාදනය කරගත යුතු බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල   පවසයි. 

කාර්ය මණඩලයට වැටුප් ගෙවීම, සේවක සුබ සාධනය,දළදා මාලිගාව මගින් ඉටු කරනු ලබන සෙසු කාර්යයන්  ඇතුළු සියල්ල වෙනුවෙන් මේ අනුව වසරකට රුපියල් කෝටි 150 ක  පමණ මුදලක් වැය කිරීමට සිදුවන බවත් මෙම මුදල උත්පාදනය කර ගැනීම දැවැන්ත අභියෝගයක් බවත්  දියවඩන නිලමේවරයා කියයි.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල  පත්වීමෙන් අනතුරුව වසර 20 ක කාලයක් පුරා දළදා මාලිගාවේ පෙරහර ඇතුළු අනෙකුත් මංගල්‍යයන් හා ආගමික වතාවත් මෙන්ම විවිධ කාර්යයන් උදෙසා සහාය දැක්වූ 453 දෙනෙකු උදෙසා කෘතගුණ දැක්වීමේ ‘මෙහෙවරට බුහුමන් ” ප්‍රණාම උළෙලේ දී  ඔහු  මේ බව පැවසුවේය.

උත්සවය පල්ලෙකැලේ පිහිටි ශ්‍රී  දළදා මාලිගාවට අයත් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

මෙහිදී දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලය 125 දෙනෙකු ප්‍රවීණ කලාකරුවන් 210 දෙනෙකු අලි ඇතුන් හිමිකරුවන් 69 දෙනෙකු හා හස්ති පාලකවරු 39 දෙනෙකු වශයෙන් 453 දෙනෙකු ගෞරව බුහුමනට පාත්‍ර වූහ.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ශ්‍රී දළසදා මාලිගාවේ සංස්කෘතික නිලධාරි ජයම්පති වැද්දාගල ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේ වරයා අතින් සම්මානය ලබාගත් අයුරු.

තමන් මුලින්ම දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයට පත්වන විට දළදා මාලිගාවේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 800 ක පමණ අගයක තිබූ බවත් ඉන් ලක්ෂ 350 ක් පමණ හිමිවූයේ පොලී ආදායම ලෙස බවත් හෙතෙම අවධාරණය කළේය.

බස්නායක නිලමේවරයෙකු ලෙස වසර 07 ක්ද ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ලෙස වසර 20 කට වැඩි කාලයක්ද කටයුතු කර තිබෙන තමන් මෙම අභියෝග ජයගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවද නිලංග දෑල   කීවේය.

ඉරහඳ ඇරෙන්නට පියා තමන් ඉල්ලූ සියලු දේ ලබාදුන් බවත් 1995 දී තමන්ගේ ඉල්ලීමකට අනුව පියා බණ්ඩා අලියා මිලට ගෙන දුන් බවත් කී දියවඩන නිලමේවරයා  ලංකාවේ සිටින ඕනෑම අලියෙකු දුටු සැනින් ඒ අලියාගේ නම වගේම හිමිකරු කවුරුන්ද යන්න හඳුනා ගැනීමේ විශේෂ හැකියාවක් තමන් සතු බවද අවධාරණය කළේය.

මහනුවර ඇසළ පෙරහර ලොව පුරා මිලියන 100 ක පමණ පිරිසක් නරඹන තත්ත්වයක් දක්වා දියුණු කිරීමට තමන්ට හැකි වූ බවද හෙතෙම කීවේය.

ගතවූ කාලය තුළ ශ්‍රී දළදා මාලිගාවේ භෞතික සම්පත් සංවර්ධනය සඳහා කටයුතු කළ බවත් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් රැසක් තිබෙන බවත් දියවඩන නිලමේවරයා පැවසුවේය.

මෙම අවස්ථාවට මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම, අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඬරුවේ උපාලි,  මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ ශ්‍රී විජිතසිරි, අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, මහියංගණ රජමහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත, බෙල්ලන්විල රජමහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන යන නාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නයද සමරගමුව මහ සමන් දේවාලයේ බස්නාවක නිලමේ, සංඛ මාපිටිගම, මහාචාර්ය අශෝක දංගොල්ල, නිලංග දෑල ගේ භාර්යාව මාධවි දෑල යන  ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විගණකාධිපතිවරයෙක් නොමැති වීමේ  අර්බුදය උත්සන්න වෙද්දී ජනපති  මැදිහත් වෙයි…

Next Post

ගිරිඋල්ල නාල්ල ප්‍රදේශයේ දී පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකුට බරපතල තුවාල…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.