බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විගණකාධිපතිවරයෙක් නොමැති වීමේ  අර්බුදය උත්සන්න වෙද්දී ජනපති  මැදිහත් වෙයි…

by editor
ජනවාරි 25, 2026
in පුවත්
Share on FacebookShare on Twitter
  • විගණකාධිපති බලතල පරිපාලන කටයුතු භාර නියෝජ්‍ය විගණකාධිපතිට…

විගණකාධිපතිවරයෙකු පත්කිරීම ප්‍රමාද වීම හේතුවෙන් කාර්ය මණ්ඩල වැටුප් පවා ගෙවීමට නොහැකි වීමේ අවදානමක් මතු වූ බැවින්, මුදල් අමාත්‍යාංශය විසින් ජාතික විගණන කාර්යාලයේ (NAO) මූල්‍ය කටයුතු පිළිබඳ බලය නියෝජ්‍ය විගණකාධිපතිවරයෙකු වෙත කඩිනමින් පවරා ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

ජාතික විගණන කාර්යාලයේ ප්‍රධාන ගිණුම් නිලධාරියා වන්නේ විගණකාධිපතිවරයායි.

ඒ අනුව, විගණකාධිපතිවරයෙකු පත් කරන තෙක් ජාතික විගණන කාර්යාලයේ පරිපාලන කටයුතු භාර නියෝජ්‍ය විගණකාධිපතිවරයා වෙත මූල්‍ය බලතල පැවරීමට අමාත්‍යාංශ ලේකම්වරයා පියවර ගෙන ඇත.

ඒ අනුව මේ සතියේ සිට පරිපාලන කටයුතු භාර නියෝජ්‍ය විගණකාධිපති ඕෂාන් ප්‍රනාන්දු වෙත එම බලතල හිමිවනු ඇත.

සාමාන්‍යයෙන්, පාර්ලිමේන්තුවේ විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) සම්මත වීමෙන් පසුව, මූල්‍ය බලතල හිමිවන්නේ මුදල් අමාත්‍යවරයාට වන අතර ඔහු එය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට පවරයි. ඉන් අනතුරුව ලේකම්වරයා එම බලතල අනෙකුත් අමාත්‍යාංශවල ලේකම්වරුන් වෙත පවරනු ලබයි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

නමුත් ජාතික විගණන කාර්යාලය වැනි ස්වාධීන ආයතන කිසිදු අමාත්‍යාංශයක් යටතට පත් නොවේ. එබැවින් එම ආයතනවල ප්‍රධානීන් ප්‍රධාන ගිණුම්කරණ අධිකාරිය   ලෙස සලකනු ලැබේ.

“යම් අයෙකු ප්‍රධාන ගිණුම් නිලධාරියා ලෙස පත් කළ යුතුයි.  බලතල සහිත නිලධාරියෙකු නොමැති නිසා වැටුප් ගෙවීමට පවා නොහැකි බවත්, කිසිදු මූල්‍ය ගනුදෙනුවක් කළ නොහැකි බවත් ජාතික විගණන කාර්යාලය දැනුම් දී තිබුණා.” බලය ලත් නිලධාරියෙක් උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් වාර්තා කර ඇත.

පසුගිය දෙසැම්බර් 6 වැනිදා සිට විගණකාධිපති ධුරය පුරප්පාඩුව පවතී.

“ජනවාරි මාසයේ සිට ජාතික විගණන කාර්යාලයට මුදල් වියදම් කිරීමට නොහැකි වුණා. ඒ අනුව මුදල් අමාත්‍යාංශය මෙම කරුණ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඉදිරිපත් කළා.  එහිදී ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ විගණන කාර්යාලයේ නිලධාරියෙකු වෙත එම බලතල පවරන ලෙසයි.” එම මූලාශ්‍රය වැඩිදුරටත් සන්ඩේ ටයිම්ස් වෙත ප්‍රකාශ කර තිබේ.

මේ සතියේ සිට පරිපාලන කටයුතු භාර නියෝජ්‍ය විගණකාධිපති ඕෂාන් ප්‍රනාන්දු වෙත  විගණකාධිපතිවරයාගේ බලතල හිමිවන්නේ ඒ අනුවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බංගලාදේශයේ තවත් හින්දු තරණයෙක් පුලුස්සා මරා දැමෙයි… ඉන්දීය – බංගලි දේශපාලන ආතතීන් තවත් උග්‍රවන ලකුණු!

Next Post

දළදා මාළිගාව නඩත්තුවට දිනකට ලක්ෂ 50ක් ඉපයිය යුතුයි… දියවඩන නිලමේ නිලංග දෑල කියයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.