ගිරිඋල්ල, නාල්ල ප්රදේශයේ සිදු කළ මෙහෙයුමකදී පොලිසිය වෙඩි තැබීමෙන් එක් අයෙකු තුවාල ලබා තිබේ.
අද (25) අලුයම මෙම සිදුවීම සිදුවී ඇත්තේ නිලධාරීන් ගවයන් ප්රවාහනය කරමින් තිබූ ට්රක් රථයක් පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවේදීය.
එහිදී වාහනය තුළ සිටි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් නිලධාරීන්ට පහර දීමට උත්සාහ කර ඇති බව වාර්තා වේ.
ඊට ප්රතිචාර වශයෙන් පොලිසිය සිය ආරක්ෂාව සඳහා තියුණු ආයුදය සහිත පුද්ගලයාට වෙඩි තබා ඇති බව පොලිසිය පවසයි.
තුවාලකරු මුලින් මිරිගම රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.







