සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දස හැවිරිදි දියණිය අඹුකමට ගත් හම්බන්තොට තිරිසන් පියා අවුරුදු 54ක් මහ උළු ගෙදරට…

by editor
මාර්තු 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

බිරිය විදෙස්ගතව සිටියදි සිය 10 හැවිරිදි දියණිය අඹුකමට ගත් තිරිසන් පියෙකුට     වසර 54ක සිර දඩුවමක් නිමය කර  රුපියල් ලක්ෂ 10ක වන්දියක් සමග 30,000ක දඩයක් ගෙවන්නැයි අධිකරණය අද (09) නියෝග කළේය. 

සිය සුජාත දියණිය දූෂණය කළ හම්බන්තොට සාමෝදාගම ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි දෙදරු පියෙකු මෙසේ දණ්ඩනයට ලක්වූයේ   හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා ගේ නියෝග ප්‍රකාරවය.

සිය බිරිය විදෙස්ගත රැකියාවකට ගොස් සිටියදී බිමත්ව පැමිණි මෙම චුදිත පියා 2015.04.01 දින සිට අවස්ථා කිහිපයකදිම සිය බාලවයස්කාර දැරිය අපයෝජනයට ලක් කර තිබේ.

පියාගේ කරදර ඉවසාගත නොහැකිව දියණිය විසින් මේ පිළිබඳව ප්‍රදේශයේ ළමා සමාජයක බාරකාරියකට පවසා ඇති අතර පසුව ඔවුන් විසින් දැරිය හම්බන්තොට පොලිසියට ඉදිරිපත් කිරීමෙන් පසු හම්බන්තොට පොලිසිය විසින් චුදිත පියා අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එහිදි පැවති මුලික නඩු විභාගයෙන් පසු 2021.05.20 වන දින නිතිපති වරයා විසින් චුදිතට එරෙහිව හම්බන්තොට මහාධිකරණය හමුවේ අධි චෝදනා 03ක් යටතේ නඩු පවරන ලදි. ඒ අනුව පැවති නඩු විභාගයේදී පැමිණිල්ල විසින් චුදිතට එරෙහිව නගා තිබූ අධි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම හේතුවෙන් චූදිත අදාල අධි චෝදනා තුන සඳහාම වැරදි කරු කරන ලදි.

එහිදි චුදිත වෙනුවෙන් පෙනී සිටි නීතීඥ වරයා චුදිතට දඩුවම් ලිහිල් කර ගැනිම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ අතර පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතීඥ ශෙහාන් මුස්තාපා   කරුණු දක්වමින් මෙලෙස පැවසීය.

“ගරු ස්වාමීනි… චුදිත විසින් සිදුකර ඇත්තේ බරපතළ වරදක්. මෙය සමාජයේ කිසිවෙකුත් අනුමත කරන ක්‍රියාවක් නොවෙයි. ඒ අනුව චුදිතට දඩුවම් නියම කිරීමේදී වින්දිත දැරියගේ වයස පිළිබඳවත්, අදාල චුදිත වින්දිත දැරියගේ පියා යන්න පිළිබඳවත් අවධානය යොමු කරන ලෙසත්, සමාජයට ආදර්ශයක් සැපයිය හැකි ආකාරයේ ඉහළ දණ්ඩනයක් නියම කරන ලෙසත් ඉල්ලා සිටිනවා…“  යැයි පැවසිය.

ඒ අනුව ඉදිරිපත් වු කරුණු සලකා බැලූ හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා චුදිතට එක් චෝදනාවකට වසර 18 බැගින් චෝදනා 03 සදහා වසර 54ක සිර දඩුවමක් නියම කළේය.

එම දඩුවම් කාලය වසර 18කින් සමගාමීව ගෙවී යායුතු බවටද නියම කෙරුණි. ඊට අමතරව එක් චෝදනාවකට රුපියල් 10,000 බැගින් චෝදනා 03 සඳහා රුපියල් 30,000ක දඩයක් නියම කෙරුණු අතර දඩය නොගෙවන්නේ නම් තවත් මාස 18ක සිට දඩුවමක් නියම කෙරුණි.

එමෙන්ම වින්දිත දැරියට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන ලෙස මහාධිකරණ විනිසුරුවරයා චුදිතට නියම කෙරුණු අතර එය නොගෙවන්නේ නම් අමතර මාස 24ක සිර දඩුවමක්ද නියම කෙරුණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අවුරුද්දකට පාසල් පද්ධතියෙන් පමණක් එක්කෝටි අසු ලක්ෂයක් කාබන් පෑන් පරිසරයට එක් වෙනවා!

Next Post

අලුත් වෛද්‍ය වෘත්තිය සමිතිය සෞඛ්‍ය ලේකම් හමුවෙයි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.