සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තිස්සමහාරාම රන්මිණිතැන්න පොලිස් වෙඩි තැබිමේ සිද්ධිය –  “ගොරකා – දඩමස්” කළ තිස්සමහාරාම පොලිසියට එරෙහිව ගම්මු පාරට බසිති!

by editor
අප්‍රේල් 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සුරියවැව නුවන් ජයසේකර –

තිස්සමහාරාම රන්මිණිතැන්න ප්‍රදේශයේ සූදු පොලක් වැටලීමේදී එහි සිටි පුද්ගලයෙකුට පොලිසිය විසින් වෙඩි තැබූ බවත් , එලෙස වෙඩි වැදුණු පුද්ගලයා පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඔහුට අභූත චෝදනා කිහිපයක් ගොනුකරමින් තිස්සමහාරාම පොලිසිය ඉතා අසාධාරණ ලෙස පරීක්ෂණ කටයුතු මෙහෙයවන බවත් පවසමින් ඊට විරෝධය පා තිස්සමහාරාම කතරගම ප්‍රධාන මාර්ගයේ රන්මිණිතැන්න පාලම අසලදී පිරිසක් අද (03) විරෝධතාවයක නිරත වූහ.

විරෝධතාවය සඳහා වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තරුණයාගේ ඥාතීන් පිරිසක් හා අසල්වැසියන් පිරිසක් එක් වී  සිටියහ.

“නීතිය කඩකල සාජන් තරංග වහා අත්අඩංගුවට ගනු, ගොරකා දඩමස් කරන ශ්‍රි ලංකා පොලීසිය, සැරයන් තරංගගේ පාතාල ක්‍රියා පිළිකුළෙන් හෙලාදකිමු, අනිතිකව අත්අඩංගුවට ගත් තරුණයා වහා නිදහස් කරනු“ ආදි වැකි සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතා කරුවන් පැය දෙකක පමණ කාලයක් විරෝධතාවයේ නිරත විය.

පසුගිය 31 වන දින තිස්සමහාරාම රන්මිණිතැන්න ප්‍රදේශයේ සූදු පොලක් වැටලිමට ගිය අවස්ථාවේ පොලිස් නිළධාරියෙකු විසින් සිදුකළ වෙඩි තැබීමේන් අංක 155, කුඩා ගම්මාන 08, රන්මිණිතැන්න ලිපිනයේ පදිංචි හේවා කොකාවලගේ රුවන් කුමාර නැමැති පුද්ගලායගේ  දකුණු අත උරහිස ප්‍රදේශයට තුවාල සිදුවිය.

වෙඩි වැදුන තරුණයා…

සිද්ධියෙන් තුවාල ලැබු රුවන් කුමාර පොලිසිය විසින්ම දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

විරෝධතාකරුවන් පැවසුවේ පොලිසිය රුවන් කුමාර තරුණයාට වෙඩි තැබීමෙන් පසු ඔහු ඉතා අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඔහු සන්තකයේ ගිනි අවියක් තිබුණු බවට චෝදනා ගොනු කර ඇති බවය.

ඔහු පොලිස් නිළධාරීන් සමග පොර බැදූ බවටත් අභූත චෝදනා නගමින් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඔහුව සිරගත කිරීමට තිස්සමහාරාම පොලිසිය කටයුතු කර ඇති බවත් ඥාතිහු කියති.

මේ හේතුව නිසා මේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩි තැබීම සිදුකළ පොලිස් නිළධාරීයා තවමත් නිදහසේ රාජකාරි සිදුකරමින් සිටින බවත්, අගතියට පත් තරුණයා නිරපරාදේ සිරගත කර ඇති බවත් විරෝධතා කරුවන් පැවසිය.

මේ වන විට මෙම සිදුවීමට අදාලව සිදුකරන නීතිමය කටයුතුද තිස්සමහාරාම පොලිසිය විසින් ඉතා අසාධාරණ ලෙස මෙහෙයවමින් සිටින බවටත් ඔවුහු චෝදනා කරති.

විරෝධතා කරුවන්ගෙන් පිරිසක් විරෝධතාවය අවසානයේදි අදාල තරුණා නිදහස් කරන ලෙස තිස්සමහාරාම පොලිස් ස්ථානාධිපති වරයා හමු වි ඉල්ලීමක්ද කළහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දුමින්ද, ලහිරු සහ ජිනරතන හිමි ඇප මත නිදහස්!

Next Post

අවුරුදු සමයේ රිය අනතුරු අවම කරගැනීමට විශේෂ මෙහෙයුමක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.